රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි . . .

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 64 වන වියෙහි පසු විය.

අද (ඔක්. 22) අලුයම ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන් ය.

ප්‍රේමසිරි හේවාවසම් ශ්‍රී ලාංකීය රූපලාවණ්‍ය ක්ෂේත්‍ර තුළ කැපී පෙනෙන මෙහෙවරක් කළ අයෙකු වන අතර රූපලාවණ්‍ය දැනුම් නවකයින් වෙත බෙදා දුන් ගුරුවරයෙකු ද විය.

ජාතික තරුණ සේවා සභාව හා එක්වෙමින් රූපලාවණ්‍යය පාඨමාලා පැවැත්වූ ඔහු විශාල සිසු සිසුවියන් ගණනක් ක්ෂේත්‍රයට තිළිණ කළ රූපලාවණ්‍යය උපදේශකයෙකු ද විය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගයේ වයර් කපා මාට්ටු . . .

Sun Oct 22 , 2023
පුනරුත්ථාපනය වී මීට දින හතරකට පෙර නිදහස් වූ පුද්ගලයකු කඩවත – කුරුණෑගල අධිවේගී පිවිසුම් මාර්ගය දක්වා පාලම් යට ස්ථාපිත කර තිබෙන විදුලි කණුවලට භූගතව යොදා ඇති තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටියදී  අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානය කියයි. එම සැකකරු සමඟ එලෙස කපන ලද කම්බි කිලෝ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x