සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යයි . . .

පාසැල්වල අමතරව රැඳී සිටින සාමාන්‍ය පෙළ සිසුන් තුන්ලක්ෂයක පමණ පිරිසකට පන්ති කාමර ඉඩකඩ සොයා ගැනීම සම්බන්ධයෙන් පාසැල් ප්‍රධානීහු දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. මෙම අර්බුදය ඇති වී තිබෙන්නේ 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට මෙතෙක් නොහැකි වීම නිසාය.

මේ නිසා පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ ද සාමාන්‍ය පෙළ සිසුන් හයලක්ෂයකට(600000) පමණ එකොළහ ශ්‍රේණියේ පන්තිවල රැඳී සිටීමට සිදුව තිබේ.

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ගැටලුව හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 වැනිදා දක්වා සති දෙකකින් කල් දැමීමට ද විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන අතර මේ නිසා අමතර සිසුන්ට තවදුරටත් පන්ති කාමරවල රැඳී සිටීමට සිදු වෙයි.

විභාගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ ලබන මස 15 වැනිදායි. විභාගය පවත්වන තෙක් මෙම සිසුන්ට අධ්‍යයන නිවාඩු ලබා දීමට හෝ පාසැල් ප්‍රධානීන් යෝජනා නොකරන්නේ එසේ වුවහොත් අපහසුවෙන් හෝ දැනට කරගෙන යන ඉගැන්වීම් කටයුතුවලින්ද ඔවුන් දුරස් වනු ඇතැයි යන සැකය හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක විදුහල්පතිවරයෙක් පැවසුවේ, හය ලක්ෂයක් පමණ වන වසර දෙකේම සිසුන් එකොළහ ශ්‍රේණියේ පන්තිවල තබා ගැනීම කිසිසේත් කළ නොහැක්කක් බවත් එම සියලු සිසුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරු යෙදීම බරපතළ ගැටලුවක් බවයි.

ඇතැම් පාසැල්වල මෙම සිසුන්ට රැඳී සිටීමට සිදුව ඇත්තේ පාසැල් ක්‍රීඩාපිටියේ හෝ ගසක් යට වීමද දැඩි ගැටලුවක් බවට පත්ව ඇත. ඇතැම් පාසැල්වල දිනක් හැර දිනක් හෝ සම්මන්ත්‍රණ පැවැත්වීමේ වැඩපිළිවෙළවල් ද ක්‍රියාත්මක වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියෙක් සඳහන් කළේ, විභාගය පවත්වන තෙක් මෙම අපහසුතාව මත කටයුතු කිරීමට සිදු වන බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නව වී ප්‍රභේදයකින් වාර්තාගත අස්වැන්නක් . . .

Mon Apr 10 , 2023
මෙතෙක් අප රටේ වී අක්කරයකට ලැබූ වැඩිම වී අස්වනු ප්‍රමාණය වාර්තා කිරීමට 2022/23 මහ කන්නයේ දී අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීහු සිව්දෙනෙක් සමත්ව ඇතැයි බතලගොඩ වී පර්යේෂණායතනය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට වාර්තාවක් සපයමින් සඳහන් කර තිබේ. ඒ අනුව ගොවීන් තිදෙනෙක් අක්කරයකට ලද වී අස්වනු ප්‍රමාණය වී බුසල් 215 හෙවත් වී කිලෝග්‍රෑම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x