සදුදා සිට බිත්තර මිල ඉහලට . . .

උත්සව සමයේදී වෙළඳපොලේ බිත්තර හිඟයක් මෙන්ම මිල වැඩි කිරීමේ සූදානමක් ද පවතින බව වාර්තා වෙයි.

මේ අතර සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි කියා සිටියේ ලබන සඳුදා සිට දේශීය බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල පවතින්නේ රුපියල් 60 ක අගයකටය.

මේ අතර රුපියල් 43 ක මිලකට සතොස අලෙවිසැල් ජාලය හරහා ලබාදුන් ආනයනික බිත්තර ද මේ වනවිට එම අලෙවිසැල්වල නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරති.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හරිහරන්ගේ ප්‍රසංගය අසල තදබදයකින් පුද්ගලයින් රැසකට තුවාල . . .

Sat Feb 10 , 2024
දකුණු ඉන්දීය ප්‍රභල සංගීතඥයෙකු වන හරිහරන් ඊයේ (09) රාත්‍රියේ යාපනය මුට්‍ර වේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වු ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස අතර ඇති වු අධික තදබදය හේතුවෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව යාපනය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ප්‍රසංගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ තිබු අතර, තවත් පිරිසක් ප්‍රසංගය පැවැත්වු ක්‍රීඩාංගනයට ඇතුළු වීමට නොහැකිව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x