දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර‍ පැවසීය. දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65කි. දැනටමත් දේශීය කුකුළු ගොවිපොලවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 […]

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර තිබේ. ඒ, අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ බිත්තර මිලියන 4 – 5 ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බවයි. දිනකට බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. ආනයනික ඉන්දියානු […]

මෙරට වෙළෙඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක මිල රුපියල් 45ක් වන අතර දේශීය බිත්තරයක මිල රුපියල් 40ක් බවයි. එලෙස තවදුරටත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට අවශ්‍ය නොවන බව […]

වෙළෙඳපොළේ එළවළු මිල අඩුවී තිබුණ ද බිත්තරයක සිල්ලර මිල රුපියල් 70 දක්වා ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගිය කාලයේදී රුපියල් 3,000ක්වූ කැරට් කිලෝවක් ඊයේ (පෙබ. 18) වනවිට වෙළෙඳපොළේ රුපියල් 500ක් දක්වා පහළ බැස ඇති බව ත් බෝංචි කිලෝවක් රුපියල් 550, ගෝවා රුපියල් 300, […]

උත්සව සමයේදී වෙළඳපොලේ බිත්තර හිඟයක් මෙන්ම මිල වැඩි කිරීමේ සූදානමක් ද පවතින බව වාර්තා වෙයි. මේ අතර සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි කියා සිටියේ ලබන සඳුදා සිට දේශීය බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ යාමක් සිදුවිය හැකි බවයි. මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල පවතින්නේ රුපියල් 60 ක අගයකටය. […]

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල අද සිට රුපියල් 8.00 කින් ඉහළ දමා ඇතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙතෙක් ලංකා සතොස රුපියල් 35 කට අලෙවි කළ ආනයන බිත්තරයක මිල අද සිට රුපියල් 42 දක්වා වැඩි කළ බවද ලංකා සතොස කළමණාකරුවෙකු පැවසීය. මහින්ද   නිශ්ශංක

බිත්තර මිල කෘත්‍රිම ලෙස ඉහළ  දැමීමට මුල්  වුණේ බලවත් දේශපාලකයෙකුගේ  ඥාතියෙකු වන  ජා-ඇළ ප්‍රදේශයේ ශීතාගාර හිමියෙකු යැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. මීට සති දෙකකට පමණ ඉහතදීත් රුපියල් 38ක උපරිම සිල්ලර මිලට පැවති බිත්තරයක මිල රුපියල් 50කට අලෙවි කිරීමට ඔහු ගත් උත්සහය හමුවේ ගොවිපොළ හිමියන් බිත්තර තොග මිල රුපියල් 42ක් දක්වා […]

වෙළෙඳපොළේ රුපියල් 35-42 දක්වා මිලකට අලෙවි වූ බිත්තරයක් පසුගිය සති අන්තයේ සිට රුපියල් 52කට වඩා වැඩි අගයකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා නගති. ලබන වසරේ සිට බිත්තර ආනයනය නතර කරන බවට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගිය දා පාර්ලිමේන්තුවේ කළ කතාවත් සමග උත්සව සමයට තවත් සති දෙකකටත් […]

හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට අද(2) සිට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි . කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි . එම සාකච්ඡාවට දැනට […]

බිත්තරයක් රුපියල් 53 බැගින් කොළඹ සියලුම ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත. සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කරන්නේ ඒ අනුව අද දිනයේ බිත්තර ලක්ෂ 8 ක ප්‍රමාණයක් කොළඹට සපයන බවයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර අද දිනයේ නොමිලේ ලබා දීමට කටයුතු කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.