උඩ ගිය බිත්තරේ . . .

බිත්තර මිල කෘත්‍රිම ලෙස ඉහළ  දැමීමට මුල්  වුණේ බලවත් දේශපාලකයෙකුගේ  ඥාතියෙකු වන  ජා-ඇළ ප්‍රදේශයේ ශීතාගාර හිමියෙකු යැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

මීට සති දෙකකට පමණ ඉහතදීත් රුපියල් 38ක උපරිම සිල්ලර මිලට පැවති බිත්තරයක මිල රුපියල් 50කට අලෙවි කිරීමට ඔහු ගත් උත්සහය හමුවේ ගොවිපොළ හිමියන් බිත්තර තොග මිල රුපියල් 42ක් දක්වා ඉහළ දැමීමෙන් පසු වෙළෙඳපොළ තරගයක් හටගැනීම මේ තත්ත්වයට බලපෑවේ යැයි වාර්තා වේ.

ජා-ඇළ ශීතාගාරයක් හිමි අතරමැදියෙකු බිත්තරයෙන් එතරම් වාසියක් තබා ගැනීම තමන්ට කරන අසාධාරණයක් යැයි සැලකූ ගොවිපොළ හිමියන් ඊළඟ සතියේදී ම බිත්තර මිල මෙසේ රුපියල් 40-42ක් දක්වා ඉහළ දැමී යැයි ද ඉන් පසුව ජා-ඇළ අතරමැදි ව්‍යාපාරිකයන් බිත්තර තොග මිල රුපියල් 60-62 දක්වා ඉහළ දැමී යැයි ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙළෙඳපළ ප්‍රකාශකයෙක් කීවේ ය.

මේ පිළිබඳ කළ විමසීමේදී තමන් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයාව දැනුවත් කළ ද ඊට නිහඬව සිටි ඔහු බිත්තර මිල ඉහළ යාමට පිළියම් වශයෙන් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය දීර්ඝ කිරීමට පියවර ගත් බවත් ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් පැවසීය.

කුකුළු ගොවිපොළ හිමියන් මේ සිදුවීම දැන සිටියත් ඔවුන් කිසිදු ඉහළ නිලධාරියෙකු දැනුවත් නොකළ බවත් මේ වන විට රුපියල් 400ක් වැනි මිලකට බිත්තර දමන කිකිළියන් මස් පිණිස අලෙවි කරමින් ඇති බවත් ඔහු පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කතරගම චූටි කපුරාල අත්අඩංගුවට . . .

Tue Dec 19 , 2023
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ  චූටි කපුවා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (19) පොලිසියට බාර වීමෙන් අනතුරුවය. ඒ සම්බන්ධයෙන් එම සැකකරුගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x