ගම් වැදී හොරකමේ යන කඳුකර කොටි . . .

කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැ‌ලේ, ආගරපතන නව කොළණියේ පදිංචිකරුවෝ පවසති.

රාත්‍රියට නිවාස ආසන්නයටම පැමිණෙන කඳුකර කොටියන් නිවෙස් තුළ සුරතලයට ඇති කරනු ලබන සුනඛයන් ගොදුරු කර ගැනීමට පෙළඹී සිටින බවත්, ඔවුන් රාත්‍රිය පුරාවටම නිවෙස් ආසන්නයේ ගැවසෙමින් සිටින බවද ඔවුහු කියති.  කඳුකර කොටියන් නිවෙස්වලට පැමිණ දෙරවල් විවෘත කිරීමට පවා තැත් කරන බව එම පදිංචිකරුවෝ සඳහන් කරති.

ආගරපතන නව කොළණිය ගම්මානයේ නිවසක සවි කර තිබු ආරක්ෂක කැමරාවක විශාලප්‍රමාණයේ කඳුකර කොටියෙකු නිවසට පැමිණ නිවසේ පිටුපස දොර විවෘත කිරීමට තැත් කරන අයුරු සටහන්ව ඇති බවත්, මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ කදකර කොටි බිය ඉහළ ගොස් ඇතැයි එම වැසියෝ කියති.

මේ පිළිබදව එම නිවසියන් ආගරපතන පොලීසියට පැමිණි කොට ඇති අතර, තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස වනජීවී නිලධාරීන්ගෙන් එම ගම්මානයේ ජනතාව ඉල්ලා සිටිති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති මන්දිරය කොටුවෙන් ඉවත් කරයි . .

Mon Jan 9 , 2023
ජනාධිපති මන්දිරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදීයි. පෙර සැලසුමකට අනුව, එනම් යෝජිත ‘උරුම චතුරශ්‍රය’ (Heritage Square) කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටුවීමේ කටයුතු අනුව මේ දේවල් සිදු කරන්නට නියමිතයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x