කොළොම්බියාවේ බොහොටාහි ගොඩ බැස්සූ ගුවන් යානයක තිබී මළ සිරුරු දෙකක් හමු වී තිබෙනවා. එම ගුවන් යානයේ රෝද අඩංගු කුටීරය තුළ මෙම මළ සිරුරු තිබී ඇති අතර ඔවුන්ගේ වයස් අවුරුදු 15 ක් සහ 20 ක් පමණ වන්නට ඇති බවයි වාර්තා වන්නේ. එලෙස මියගොස් සිටි දෙදෙනා සතුව තිබූ ඩොමිනිකන් රාජ්‍යයේ මුදල් නෝට්ටු කිහිපයක්ද […]

ජනාධිපති මන්දිරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදීයි. පෙර සැලසුමකට අනුව, එනම් යෝජිත ‘උරුම චතුරශ්‍රය’ (Heritage Square) කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටුවීමේ කටයුතු අනුව මේ දේවල් සිදු කරන්නට නියමිතයි. […]

කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැ‌ලේ, ආගරපතන නව කොළණියේ පදිංචිකරුවෝ පවසති. රාත්‍රියට නිවාස ආසන්නයටම පැමිණෙන කඳුකර කොටියන් නිවෙස් තුළ සුරතලයට ඇති කරනු ලබන සුනඛයන් ගොදුරු කර ගැනීමට පෙළඹී සිටින බවත්, ඔවුන් රාත්‍රිය පුරාවටම නිවෙස් ආසන්නයේ ගැවසෙමින් සිටින බවද ඔවුහු කියති.  කඳුකර කොටියන් නිවෙස්වලට පැමිණ […]

නිදහසින් පසු අපේ රට මුහුණ දී ඇති දැවැන්තම අර්බුදකාරි තත්වය යටතේ දී වුවත්, මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි.” යයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ […]

මොණරාගල කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ විසින් සිදුකරන ලද මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා කිලෝ පහළොවක් සහ නිධන් හැරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සමගයි. ඔහු සතුව වියළි ගංජා පැළ 550ක් තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් […]

අනුරාධපුර අටමස්ථානධිපතිව සිට අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යානූකූල අයිතිය තමන්ට පවරා ගැනීමට අයිතියක් ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය මෙම නඩුවේ වගඋත්තරකරුවන් […]

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහට බන්ධනාගාර නිළධාරීන් පිරිසක් හා සැකකරුවන් පිරිසක් පහර දුන් බවට පැමිණිලි කර ඇත. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා මානව හිමිකම් කොමිසන් සභාව විසින් විමර්ශන ආරම්භ කර ඇත. බන්ධනාගාරයේ සිටින සේපාල් අමරසිංහට එතුළදී හිංසා සිදු වුණ බවට ඔහුගේ ඥාතීන් පිරිසක් විසින් කර ඇති පැමිණිල්ලක් අනුව මෙම […]

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය අසාධාරණ හා අත්තනෝමතික බදු ප්‍රතිපත්ති  පරාජය කිරීම සඳහා වන ඉදිරි වැඩපිළිවෙල. ජනතාවගේ සහ වෘත්තිකයන්ගේ හඬට සවන් නොදෙමින් පසුගිය මාසයේදී පාර්ලිමේන්තුව හරහා අත්තනෝමතික ලෙස සම්මත කරගත් සංශෝධිත දේශීය ආදායම් පනත හරහා ක්‍රියාත්මක කිරීමට සැරසෙන බදු ප්‍රතිපත්තීන් සියලු […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (09) නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කෙරුණි . ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිීතිඥ සාගර කාරියවසම් ,කොළඹ දිස්ත්‍රික්කය නියෝජණය කරන […]

රජයේ වියදම් අඩු කර ගැනීමේ අරමුණින් රාජ්‍ය සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා කප්පාදු කිරීමට රජය සූදානම් වෙමින් සිටී. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පලාත් සභා පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පවසන්නේ මෙම වැඩපිළිවෙලට යටතේ රාජ්‍ය සේවකයන්ට දැනට ලබාදෙන අතිකාල හා අමතර දීමනා සම්පූර්ණයෙන්ම කප්පාදුවට යටත් නො කරන බවත් එය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.