ගුවන් යානයකින් මළ සිරුරු දෙකක් හමුවෙයි . . .

කොළොම්බියාවේ බොහොටාහි ගොඩ බැස්සූ ගුවන් යානයක තිබී මළ සිරුරු දෙකක් හමු වී තිබෙනවා. එම ගුවන් යානයේ රෝද අඩංගු කුටීරය තුළ මෙම මළ සිරුරු තිබී ඇති අතර ඔවුන්ගේ වයස් අවුරුදු 15 ක් සහ 20 ක් පමණ වන්නට ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් සිටි දෙදෙනා සතුව තිබූ ඩොමිනිකන් රාජ්‍යයේ මුදල් නෝට්ටු කිහිපයක්ද හමුවී තිබෙනවා.

බොහෝ විට නීති විරෝධී ලෙස වෙනත් රටවලට සංක්‍රමණය වීමට උත්සාහ කරන ඇතැම් පිරිස් ගුවන් යානාවල රෝද කුටීර තුළ සැඟවී ගමන් කිරීමට උත්සාහ කරනු ලබනවා.

ගුවන් යානය පොළොවේ සිට අඩි දස දහස් ගණනක් ඉහළින් ගමන් කිරීමේ දී හට ගන්නා ශීතල සහ ඇති වන පීඩන වෙනස්කම් නිසා මෙලෙස මරණයට පත් වෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බෙලිඅත්තේ කසිප්පු ඇල්ලීම තහනම් . . .

Tue Jan 10 , 2023
බෙලිඅත්ත ප්‍රදේශයේ කසිප්පු ඇල්ලීම නාමල් සර් විසින් තහනම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තු  සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් වන හඬපටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇති බව ද ඔහු පැවසීය. බෙලිඅත්ත පොලිසියේ පහළ නිලධාරියෙකු කසිප්පු තොගයක් අත්අඩංගුවට ගත් විට එම පොලිසියේ ස්ථානාධිපතිවරයා එම මත්ද්‍රව‍‍‍ය්‍ය අත්අඩංගුවට ගැනීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x