ගංජා තොගයක් සමග අත්අඩංගුවට පොලිස් ලොක්කා . . .

මොණරාගල කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ විසින් සිදුකරන ලද මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා කිලෝ පහළොවක් සහ නිධන් හැරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සමගයි. ඔහු සතුව වියළි ගංජා පැළ 550ක් තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව  පැවසීය. මෙම අත්අඩංගුවට ගැනීම් කර තිබුණේ ඊයේ රාත්‍රියේ ඔහුගේ නිල නිවසේ දී ය.

සැකකරු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලිසියට භාරදී ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දීයාවෙන් ණයක් අරන් කෝච්චි පාර හදනවා . . .

Mon Jan 9 , 2023
නිදහසින් පසු අපේ රට මුහුණ දී ඇති දැවැන්තම අර්බුදකාරි තත්වය යටතේ දී වුවත්, මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි.” යයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x