ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි බන්දුල . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (09) නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කෙරුණි .

ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිීතිඥ සාගර කාරියවසම් ,කොළඹ දිස්ත්‍රික්කය නියෝජණය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන සරත් වීරසේකර ,මදුර විතාන ,ප්‍රදීප් උදුගොඩ , ජගත් කුමාර  ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් එක්වූහ.

අමත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය 2022.07.09 දින ගෝඨාභය රාජපක්ෂ  අරගලය හමුවේ ධුරයෙන් ඉවත් ගිය දින රාත්‍රියේම තමා පොදුජන පෙරමුණෙන් හා සියළුම අමාත්‍යාංශ වලින් ඉල්ලා අස්වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියේය.

නමුත් අද දින බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඇප තැම්පත් කිරීම සදහා පැමිණ තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෛද්‍යවරුන් සතියක දැවැන්ත විරෝධතාවයක . . .

Mon Jan 9 , 2023
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය අසාධාරණ හා අත්තනෝමතික බදු ප්‍රතිපත්ති  පරාජය කිරීම සඳහා වන ඉදිරි වැඩපිළිවෙල. ජනතාවගේ සහ වෘත්තිකයන්ගේ හඬට සවන් නොදෙමින් පසුගිය මාසයේදී පාර්ලිමේන්තුව හරහා අත්තනෝමතික ලෙස සම්මත කරගත් සංශෝධිත දේශීය ආදායම් පනත හරහා ක්‍රියාත්මක කිරීමට සැරසෙන බදු ප්‍රතිපත්තීන් සියලු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x