හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු රවී කුමුදේශ් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. aruna

ලබන 19 වැනිදා සිට වර්ජනය නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බවයි. අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු සඳහන් කළේ බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු […]

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය, සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යාමේදී එයට බාධාකරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිට අද (12) පැවැත්විය මෙම  විරෝධය  දිවයින පුරා තෝරාගත් රෝහල්  17 ක් ඉදිරිපිට […]

සෞඛ්‍ය අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ කිසිදු සහයෝගයක් ලබා නොදීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඊයේ (පෙබ. 1) තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය පිළිබඳ රජය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් සිය ඉල්ලීම්වලට සාධාරණ ප්‍රතිචාරයක් දක්වනතුරු සිය වැඩ වර්ජනය […]

කරාපිටිය මහ රෝහලේ කිෂාන්ත පෙරේරා නැමැති ශල්‍ය වෛද්‍යවරයාගේ හැසිරීමට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් සිදු කරන්න යැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රවී කුමුදේශ් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් යොමුකර තිබේ. ඊයේ (16) වැඩ වර්ජනයට සහභාගි වූ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට තර්ජනය කර, අසැබි වචනයෙන් බැන වදිමින් ක්‍රියා කළ මෙම ශල්‍ය වෛද්‍යවරයාට එරෙහිව වහාම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.