මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් මෙහෙයවමින් එම බැංකුවලින් ලබා ගන්නා මුදල්වලින් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ. අප්‍රේල් 01 වෙනි දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවට ආවරණ දැන්වීම් පිටුවක් එකතු කර එම ප්‍රචාරක කටයුතුවලට මුල පුරා තිබිණි. මහජනතාවගේ මුදල් එක් රැස් කර තිබෙන ජනාධිපති අරමුදලින් […]

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ. විශේෂයෙන් ම, ලංකා බැංකුව යොදවා විදේශීය ණය රජයට ලබා ගැනීමේ සැලසුමක් තිබේ දැයි එම බැංකුවේ කලමනාකාරීත්වයේ බරපතළ සැකයක් ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ […]

මෙරට සිනමාවේ ප්‍රවීණයෙකු වූ සිනමා සක්විති ලෙස ප්‍රකට ගාමිණී ෆොන්සේකාට රුපියල් මිලියන 300ක වන්දියක් ගෙවන ලෙසට හම්බන්තොට දිසා අධිකරණය විසින් 1999.12.13 වැනිදා හම්බන්තොට මහජන බැංකුවට නියම කරමින් ලබාදී තිබූ තීන්දුවක් අභියාචනාධිකරණය බලරහිත කර තිබේ. “ගාමිණී ෆොන්සේකාගෙන් ලක්ෂ 25 ක බැංකු පොල්ලක්” යන සිරස්තලය යටතේ රාවය පුවත්පතේ ප්‍රවෘත්තියක් පලවී ඇති බවත් […]

සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගමක් යටතට ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුලත් කිරීමට තීරණය කර තිබේ. එම බැංකු ඇතුළු රාජ්‍ය ආයතන 31ක් එම සමාගම යටතට පත් කිරීමට තීරණය වී ඇත. රාජ්‍ය ව්‍යපාර ප්‍රතිව්‍යුහගත කරණ ඒකකය විසින් කොළඹ හිල්ටන් හෝටලයේ ජනමාධ්‍ය ප‍්‍රධානීන්ට පවත්වන ලද වැඩමුළුවකදී […]

දේශීය ණය ප්‍රශස්ථකරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයන් විසින් කරනු ලැබ තිබූ ප්‍රකාශ සහ අනතුරු ඇගවීම් සමාජ මාධ්‍යයන්හි වේගයෙන් පැතිර ගියේය. බොහෝ දෙනකු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බැංකුවල මුදල් තැන්පත් කර තිබූ බොහෝ පිරිස් එකී ප්‍රචාරවලින් නොමග ගොස් විශාල කම්පනයකට ගොදුරුව සිටි බව සමාජ මාධ්‍ය ජාලාවල එම අය විසින් ප්‍රකාශ […]

මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ. ලංකා බැංකුව – රු. 315.00 […]

ස්වර්ණමහල් ෆිනෑන්ෂල්  සර්විසස් පීඑල්සී හි තැන්පත් කරුවන් හෝ ඔවුනගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2023.06.09 දින සිට මහජන බැංකුවේ ඕනෑම ශාකාවකින් උපරිමය රුපියල් 1,100,000 යටත්ව වන්දි මුදල් ලබා ගන්නා ගත හැකි බවයි.

මහජන බැංකුවේ රුපියල් කෝටි දහස් ගණනක දේශපාලන අනුග්‍රහයෙන් පොලු තැබූ ජාවාරම්කරුවන් දස දෙනෙකු පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න විසින් හෙළිකර තිබේ. ඔහු මේ සම්බන්ධයෙන් තබා තිබූ ෆේස්බුක් සටහන උපුටා ගෙන පහත පළ කරන්නෙමු. මහජන බැංකුව මංකොල්ල කෑ ලංකාවේ මහා ජාවාරම් කරුවන් 10 දෙනා……….. […]

පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මැද ගිනි තැබීමට ලක් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට වූ අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 20 ක රක්ෂණ වන්දියක් ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් වන චෙක් පත මේ වන විට සමාජ ජාල වල සංසරණය වෙයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.