සනත් නිශාන්තට මිලියන 20 ක රක්‍ෂණ වන්දියක් . . .

පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මැද ගිනි තැබීමට ලක් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට වූ අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 20 ක රක්ෂණ වන්දියක් ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් වන චෙක් පත මේ වන විට සමාජ ජාල වල සංසරණය වෙයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ තම නිවසේ වටිනාකමක් දළ වශයෙන් කෝටි 12 ක් පමණ වන බවත් ඉස්සන් සඳහා ලබා දෙන ආහාර ලබා ගැනීමට තමන් ඒ හරහා බැංකු ණයක් ලබාගෙන තිබූ බවත්ය. ඊට අදාලව රක්ෂණ සමාගම විසින් මෙසේ රක්ෂණයක් හිමිවී තිබුණු බවද ඔහු පැවසීය

“මම ව්‍යාපාරිකයෙක් වශයෙන් මගේ ව්‍යාපාරවලට ලෝන් එකක් ගත්තාම මට ඉන්ෂුරන්ස් එකක් හම්බවෙනවා. එක හම්බවෙන්නේ මම අරන් තියෙන ණයේ හැටියට මට ඒ රක්ෂණ ගෙවීම හම්බ වෙන්නේ. මගේ ගෙදර වටිනාකම දළ වශයෙන් ලක්ෂ 1,250 ක්. මම මේකේ ලෝන් එක අරගෙන තිබුණේ මහජන බැංකුව හරහා ඉස්සෝ කෑම වගයක් ගෙන්න ගන්න. මහජන බැංකුව අපි ගන්න ලෝන් එකේ වටිනාකමට ඉන්ෂුරන්ස් එකක් කරනවානේ. ඒකට වෙනම ඉඩමට වෙනම වටිනාකමක් දීලා ගෙදරට වෙනම වටිනාකමක් දාලා එයාලා අපිට අවශ්‍ය කරන ප්‍රමාණයක රක්ෂණයක් දාලා තියෙනවා. ඒක මිලියන 22 ක්, ඒකට දෙකෝටි දෙලක්ෂයක් හම්බවෙලා තියෙනවා. ඒ හම්බවෙච්ච එකෙන් අපි ගත්ත ලෝන් ඒක කැපිලා තියෙනවා. ලක්ෂ 1,250 ක වටිනාකමක් තියෙන මගේ නිවසට ලක්ෂ 200 ක් හම්බවෙලා වැඩක් නෑ නේ. අනේ ජනතාවගේ මුදල්වලින් හම්බවේච්ච එව්වා ගැන නම් මගේ කට අවුස්ස ගන්න තමයි කට්ටිය යන්නේ. 1977 තාත්තාගේ ගෙවල් ගිනි තියපු ඒවාවත් වන්දි හම්බවුණේ නෑ රුපියලක්වත්. 2002 මගේ ගේ ගිනි තියපු එකෙත් රුපියලක්වත් හම්බවුණේ නෑ. මේකෙත් රුපියල්වත් වන්දි හම්බුනේ නෑ. ඔය කියන ජේ.වී.පී. එකෙයි පෙරටුගාමි එකෙයි ඉන්න පස්ස පැත්තේ අමාරුව තියෙන අය අපේ ගෙවල් ගිනි තිබ්බේ නැත්තම් ඔය වන්දිය ගෙවන්න වෙන්නෙත් නෑ. මගේ ගෙවල් මේ සුළි සුළඟට ගං වතුරට ගියේවත් නෑනේ. මේක මේ කැරලි කාරයො ඇවිල්ලා, අරගලකාරයෝ ඇවිල්ලා ගිනි තියපු ගෙයක් නේ. ඉතින් ඒ කට්ටිය විනාශ කරලා තියෙන්නේ ජනතාවගේ සල්ලි. මට එදා ගේ හදන්න මිලියන 100 ක් ගියා නම් අද වෙනතොට මට ඒකට මිලියන 200 ක් යනවා. අද තියෙන බඩු මුට්ටුවල ගණන් එක්ක. අනිත් එක අපි මේ දේශපාලනය කරලා හදපු ගෙවල් දොරවල් නෙමෙයි මේ. මම ඉස්සෝ ව්‍යාපාරිකයෙක්. මම මේ අක්කර 150 ක් 200 ක් ඉස්සෝ කරනවා. පොල් අක්කර 60- 70ක් තියෙනවා. අපි හිඟන්නෝ නෙමෙයි. අපි ව්‍යාපාරිකයෝ. මම දේශපාලනය කළා කියලා මගේ ගේ ගිනි තිබ්බාම ඒකට මම ගේ රක්ෂණය කරලා තිබ්බාම මට රක්ෂණ වන්දියක් ගන්න බැරි ද? මම රක්ෂණය කරලා තියෙන්නේ රක්ෂණයට ගෙවලා නේ.”

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නෙළුම් කුළුණ ජනතාවට විවෘතවේ . . .

Thu Sep 1 , 2022
ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එක්සත් ජනපද ඩොලර් මිලියන 113 කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුළුණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x