ජාතික හැඳුනුම්පත් අංකයම ටින් අංකය (බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය – TIN) ලෙස යොදා ගැනීමට යෝජනාවී ඇතත්, දැනට නිකුත් කර තිබෙන ටින් අංක ලක්ෂ නවයක (900,000) අංක නැවත වෙනස් කිරීමට සිදුවීම නිසා බරපතළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ජාතික හැඳුනුම්පත් අංකය ටින් අංකය ලෙස යොදා ගැනීමට […]

ජනවාරි 1 වන දා සිට වයස අවුරුදු 18ට වැඩි සියලු ම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ලබා ගත යුතු බව දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්. නෆීර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ ( දෙසැ. 28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති වැට් සංශෝධන පනත සහ එහි බලපෑම පිළිබඳව […]

2022 (2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 166,938 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ මෙලෙස සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් අතර පාසල් අයදුම්කරුවන් 149,487ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 17,451ක් සිටින බවය. මේ අතර මෙවර පාසල් අයදුම්කරුවන් 59 දෙනෙකුගේ ප්‍රතිඵල […]

ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සඳහන් කළේ ය. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ය. සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින්  කියා සිටියේ ඉන්දියාවේ පාරක කඩයකින් […]

ඡන්ද හිමි නාමලේඛනයේ මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා ජුනි 15 වනදා දක්වා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මහජනතාවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව යන වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගතව ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට ඉල්ලුම් කළ හැකි බව එම කොමිසම සඳහන් කරයි. මෙම මාර්ගගත ක්‍රමය හරහා […]

ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ හෙළි කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ද්විත්ව පුරවැසිභාවය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන තොරතුරු දැනගැනීමේ පනතේ තොරතුරු ඉල්ලා ලැබී ඇති ඉල්ලීම් දෙකක් පිළිබඳව ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් වරයාගේ අවසරය ලැබුනු පසු එම තොරතුරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.