සිසුන් 166,938 දෙනෙකුට සරසවි වරම් . . .

2022 (2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 166,938 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ මෙලෙස සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් අතර පාසල් අයදුම්කරුවන් 149,487ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 17,451ක් සිටින බවය.

මේ අතර මෙවර පාසල් අයදුම්කරුවන් 59 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන් 25 දෙනෙකුගේද ප්‍රතිඵල අත්හිටුවා ඇත.

2022(2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 263,933කි.

මේ අතර 2022 (2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයන්ට පමණක් නැවත 2023 උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා සැප්තැම්බර් මස 11 සිට සැප්තැම්බර් 16 වනදා දක්වා https://onlineexams.gov.lk/eic හරහා නැවත අයදුම් කිරීම අවස්ථාව ලබාදී ඇත.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා https://onlineexams.gov.lk/eic හරහා සැප්තැම්බර් මස 07 වනදා සිට 16 වනදා දක්වා අයදුම් කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

එසේම ප්‍රතිඵල නිකුත් කළ අවස්ථාවේ සිට පැය 24ක් ඇතුළත සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හට https://onlineexams.gov.lk/eic වෙත පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රතිඵල සටහනක් භාගත කිරීම සඳහා ද පහසුමක් සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අජිත් රෝහණගේ පෙත්සම විසිවේ . . .

Mon Sep 4 , 2023
නීතියට පටහැනිව තමන් නැගෙනහිර පළාතට මාරු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරමින් එම මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. මෙම පෙත්සම එස්.තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එච්.එම් නවාස් යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x