තූත්තිකුඩියේ සිට බිත්තර තොගයක් ලංකාවට . . .

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය නැව්ගත කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ බිත්තර තොගය ඊයේ (20) දිනයේ බහාලුම් ගත කිරීමට පියවර ගත් බවයි. ඒ අනුව ඉන්දියාවේ තූත්තිකුඩි වරායේ සිට අදාළ බිත්තර තොගය දිවයිනට රැගෙන ඒමට සැලසුම් කර තිබේ.

පළමු තොගය ලෙස බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර මෙම බිත්තර ආනයනය කිරීම අවස්ථා කිහිපයකදීම කල් දැමීමට සිදුවුණි.

ආනයනය කිරීමෙන් අනතුරු බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා එම බිත්තර ලබාදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන බවට IMF එකෙන් දැනුම්දීමක් . . .

Tue Mar 21 , 2023
ශ්‍රී ලංකාව තුළ දැනට පනවා ඇති භාණ්ඩ ආනයනය සීමා ක්‍රමයෙන් ඉවත් කෙරෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. බදු එකතු කිරීම වර්ධනීය ආකාරයෙන් තවදුරටත් සිදු කළ යුතු බවද ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා දැඩි බදු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් අරමුදල කියා සිටී. ශ්‍රී ලංකාව සඳහා වන ණය පැකේජය සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x