සක්විති රණසිංහට සහ බිරිඳට දඬුවම් නියම කරයි . . .

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධ චෝදනාවලට හිටපු උපකාරක පන්ති ගුරවයෙකු වූ සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වරද පිළිගෙන ඇති අතර කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා විසින් ඔවුන්ට ඊට අදාල දඬුවම් නියම කර තිබේ.

ඒ අනුව චෝදනා 11 කට වරදි පිළිගත් සක්විති රණසිංහට වසර 22 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවා ඇත. ඊට අමතරව ඔහුට එක් වරදකය රුපියල් 25,000/= බැගින් රුපියල් 2,75,000 /= ක දඩයකටද නියම කර තිබේ. එම දඩය ඔහු නොගෙවන්නේනම් ඔහුට තවත් මාස 06 ක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත. එමෙනම් ඔහුගේ බිරිඳ මෙම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගෙන ඇති අතර ඇයට වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවා තිබේ. ඊට අමතරව ඇයට එම වරදට රුපියල් 25,000/= ක දඩයක්ද නියම කර ඇත. එය නොගෙවන්නේනම් ඇයට ද මාස මාස 06 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තාවකාලික රියැදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කෙරේ . . .

Thu Sep 15 , 2022
රට තුළ පවතින තත්වය හමුවේ තාවකාලික රියැදුරු බලපත්‍රලාභීන්ට සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව මාස 06 ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. තමන් පදංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ කොළඹ වේරහැර කාර්යාලයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x