කිලෝ මීටර් 310 ක විෂ්කම්භයක් ඇති, යෝධ ග්‍රහකයක්, අද (14) වැලන්ටයින් දිනය හෙවත් ආදරන්තයන්ගේ දිනය දා පෘථිවිය අසලින් යෑමට නියමිතය. ‘2024 බීආර්4’ යන නමින් නම් කළ මෙම ග්‍රහකය, පළමු වරට සොයා ගැනීම සිදුවූයේ පසුගිය ජනවාරි 30 වැනිදාය. ග්‍රහකය පෘථිවිය අසලින් යනු ඇත්තේ, කිලෝ මීටර් මිලියන 4.6 ක් ඈතිනි. ග්‍රහකයේ ගමන් […]

ලෝක ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ගායක ගායිකාවන් ඇගැයීමට ලක් කෙරෙන සුප්‍රකට ග්‍රැමී සම්මාන උලෙළේදී ඉන්දියාවට සම්මාන 6ක් හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවර 66 වැනි වරටත් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවැති ග්‍රැමී සම්මාන උලෙළේදී ඉන්දීය සංගීතඥයන් පස්දෙනකු එම සම්මානයට පාත්‍ර වී ඇති අතර, සුප්‍රකට තබ්ලා වාදක සාකිර් හුසේන් සහ […]

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුකළ විශ්ලේෂණයට අනුව වර්තමාන විදුලි ගාස්තු සියයට විස්සත් විසිපහත් (20% – 25%) අතර ප්‍රතිශතයකින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවක සංගමය සඳහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය හා ලංකා විදුලි බල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන […]

කොළඹ දිස්ත්‍රික්කයේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීමට පහසුකම් නොමැතිවීම හේතුවෙන් පුපුරන ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත 150ක් පමණ ඉදිරි සති දෙකක් තුළ අඩපණ වීමට නියමිතව ඇතැයි ඊයේ (13 වැනිදා) පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කර ඇත්තේ අතුරුගිරිය, නවගමුව, පාදුක්ක හා හංවැල්ල යන […]

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අය පෞද්ගලික ගුවන් යානයකින් අනුරාධපුර බන්ධනාගාර ක්‍රිඩාංගණය වෙත පැමිණ නිසි අවසරයකින් තොරව බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී රහසිගතව සිරකරුවන් සමග සාකච්ඡා කළ බවට එල්ල වු චෝදනා පිළිබදව සොයා බලා වාර්තා කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස […]

ශ්‍රි ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් සහ අනුමැතියකින් තොරව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල චෙක් පත් අධික ලෙස පොලි මුදල් අය කරමින් මාරු කිරිමේ ජාවාරමක් හැටන් නගරය කෙන්ද්‍ර කර ගනිමින් සිදු කරගෙන යන ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇත. කාලයක් තිස්සේ මෙම ජාවාරම හැටන් නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් විසින් […]

වසර 1700 ක් පැරණි කුකුලු බිත්තරයක් එංගලන්තයේ බෙරිෆීල්ඩ්ස් සංචර්ධන ප්‍රදේශයෙන් හමු වී ඇත. කිසිඳු හානියක් වී නොමැති එම බිත්තරයේ කහ මදය සහ සුදු මදය තවමත් ස්වාභාවිකවම එම බිත්තරය තුළ ආරක්ෂා වී තිබෙනු දැක ඒ පිළිබඳ අධ්‍යනය කළ පුරා විද්‍යාඥයන් කණ්ඩායම පුදුමයට පත් වී ඇත. වසර 1700 කට පසුවත් මිනිසකුගේ මැදිහත් […]

මත්කුඩු ලෝලීන් සහ පාසල් සිසුන් මත්වීමට මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන  වේදනා නාශක ඖෂධ පෙති වර්ගයක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මත්ලෝලියෙකුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. වෛද්‍යවරයාට […]

එක් දිනක් තුළ පැවැත්වෙන ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දුනීසියානු මැතිවරණය අද (පෙබ. 14) පැවැත්විණි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉන්දුනීසියාවේ දූපත් 17,000ක් පුරා මිලියන 200කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් තම ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබුණු බව ය. මෙම මැතිවරණය මගින් එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් තෝරා ගැනීමට […]

රුපියල් කෝටි ගණනාවක් වටිනා  බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ  පැරණි තෙමහල් නිවසකට ඉබි  යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන සාමණේර හිමිවරුන් දෙදෙනෙකි. තම නිවසේ ඉබයතුරු කඩා හිමිවරුන් තිදෙනෙකු  තවත් පුද්ගලයකු බලෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.