විදුලි ගාස්තුව 25% කින් අඩු කරන්න පුළුවන් . . .

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුකළ විශ්ලේෂණයට අනුව වර්තමාන විදුලි ගාස්තු සියයට විස්සත් විසිපහත් (20% – 25%) අතර ප්‍රතිශතයකින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවක සංගමය සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය හා ලංකා විදුලි බල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන මත පදනම්ව සිදුකළ අධ්‍යනයෙන් මේ පිළිබඳව අනාවරණය වූ බව එම සංගමය පෙන්වා දුන්නේය. කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉදිරියේදී විදුලි ගාස්තු සම්බන්ධයෙන් තීරණයකට එළැඹීමේදී ස්වාධීන විශේලේෂණ, කොමිෂන් සභාවේ විදුලි ගාස්තු අංශයේ විශේෂඥයන්ගේ නිර්දේශ හා වෙනත් පාර්ශ්වකරුවන්ගේ සැලකිල්ලට ලක්වූ කරුණු අනුව එය සිදු කළ යුතු බව ඔවුහු සඳහන් කළහ..

මේ වනවිටත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණ වල සාධාරණභාවය හා පාරදෘශ්‍යභාවය පිළිබඳව පාරිභෝගිකයන් තුළ පැවැති විශ්වාසය පළුදු වී ඇති බවද එම කොමිෂන් සභාවේ සේවක සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් මෙම සංගමය සාකච්ඡාවක් ද ඉල්ලා ඇත. මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති නියාමන වගකීම ඉටුකිරීමේදී පාරදෘශ්‍යභාවය, වගවීම හා පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් උසස් ප්‍රමිතිය පවත්වාගෙන යාම සහ ස්වාධීන තීන්දු ගැනීම අත්‍යවශ්‍ය බව එම සේවක සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

  • අශිකා ජයවීර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දීය සංගීතඥයන් පස්දෙනකුට ග්‍රැමී සම්මාන 6ක් . . .

Wed Feb 14 , 2024
ලෝක ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ගායක ගායිකාවන් ඇගැයීමට ලක් කෙරෙන සුප්‍රකට ග්‍රැමී සම්මාන උලෙළේදී ඉන්දියාවට සම්මාන 6ක් හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවර 66 වැනි වරටත් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවැති ග්‍රැමී සම්මාන උලෙළේදී ඉන්දීය සංගීතඥයන් පස්දෙනකු එම සම්මානයට පාත්‍ර වී ඇති අතර, සුප්‍රකට තබ්ලා වාදක සාකිර් හුසේන් සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x