දේශබන්දුගේ පොලිස්පතිකම අත්හිටුවනු . . .

දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ලෙස ඉල්ලමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ගොස් තිබේ.

මෙම නියෝගය ඉල්ලා ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරල ද මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරෙන් එකක් අගරදගුරුතුමන් විසින් ගොනුකර ඇත.

මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාව හා වැඩ බලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් යන පිරිසයි.

දේශබන්දු තෙන්නකෝන් ට පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිගත නොහැකි බවත් එසේ පිළිගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත් ඒ හරහෙ පෙත්සම්කරුවන්ට සහ අනෙකුත් පුරවැසිමූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරුවෝ කියති.

පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ ඔහුට එරෙහිව විභාග වෙමින් පවතින නඩු ගණනාවක් සැලකිල්ලට ගෙන මෙම පෙත්සම ගොනු කල බව ඔවුන් සදහන් කරති.

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගඋත්තරකරුවන් හිටපු හමුදා සෙබළෙකුට වධහිංසා පැමිණවීම, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් වැනි කටයුතු හරහා මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් දෙසැම්බර් 14දා තීන්දු කරන ලදී.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කර ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කතුන් රවට මුදල් ගැරූ නයිජීරියානුවෝ අත්අඩංගුවට . . .

Sat Dec 30 , 2023
වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් කාන්තාවන් තිදෙනකු රවටා ඔවුන් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයන් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඔවුන් දෙදෙනා අලුත්ගම හෝටලයක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. මෙම සැකකරුවන් දෙදෙනා වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය හරහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x