ගෝඨාභය රාජපක්ෂ ට රටේ ඉන්න බැරි වූ මොහොතේ රටින් පිටවීම සදහා තමන් උදව්කල බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. බණ්ඩාරණායක ගුවන්තොටුපොලින් ගෝඨාභය රාජපක්‍ෂ ට රටින් පිටව යාම සදහා තමන් උදව්කල ආකාරය සුගීස්වර බණ්ඩාර ඇතුලු ඇතුලේ සිටි පිරිස දන්නා බවද හිමියන් පැවසූහ. ඒ බව නොදැන පොත්වල තමන්ගේ නම සදහන් කර ඇති […]

තමන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා අරගලය නැවත පටන් ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න සඳහන් කරයි. ඔහු කැනඩාවේ සිට අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එමින් කියා සිටින්නේ ක‍්‍රමය වෙනස් කිරීම සඳහා වන අරගලයකට ජනතාව පෙළගැස්විය යුතුව ඇති බවයි. තමන් දැනට කැනඩාවේ […]

2022 වසරේ අප්‍රේල් මස 01 වනදා අරගලය පැවැති අවස්ථාවේදී හදිසි නීතිය පනවා ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට සමාජ මාධ්‍ය තහනම පනවමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින එවක ජනාධිපති […]

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වෙයි. ඒ සදහා මේ වන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු ගම්පහ දිස්ත්‍රියක්යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට කැමැත්ත පළකර ඇතැයිද සදහන්ය. ඒ අනුව ඉදිරියේදී ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට […]

ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බවත්, රටේ පාලන බලය ජනතා විමුක්ති පෙරමුණට දීමට තරම් මෙරට ජනතාව මෝඩ නැති බවත්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේදී එක්වරම එය කළ සිදු කළ නොහැකි බවත් ඇමතිවරයා […]

2022 වසරේ මැයි 09 අරගලය දා සංවිධානාත්මක පිරිස් විසින් දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තබා විනාශ කිරීමට අදාළව ඔවුන්ට වන්දි මුදල් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, අනුව එහි මූලික අදියර යටතේ වන්දි මුදල් ගෙවීම් ආරම්භ කර ඇති බවත්, පසුගිය රජයේ දේශපාලනඥයන් 15 කට ආසන්න පිරිසකට වන්දි මුදල් ගෙවා ඇති බවත් ආරංචි […]

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් විය යුතු යැයි පවසමින් ඇරඹූ අරගලයට අදට වසරක් පිරේ. “මුළු රට ම කොළඹට” නමින් සංවිධානය වූ මේ විරෝධතා ව්‍යාපාරයට දස දෙසින් සෙනඟ කොළඹට පැමිණියේ 2022 ජූලි 9 වන දා උදෑසන සිට ය. සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් සංවිධානය වූ මෙම විරෝධතාව ආරම්භ වූයේ, කොටුව […]

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා (ජූනි 26) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ […]

අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයකු මෙහෙය වූ බව කියන ජංගම ගණිකා මධ්‍යස්ථානයකින් වටලා අත්අඩංගුවට ගත් සුරූපී කාන්තාවකට සමාජ රෝගයක් වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙම ගණිකා මධ්‍යස්ථානයෙන් කාන්තාවන් සිව්  දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් කාන්තාවකට  ගොනෝරියා නමැති සමාජ රෝගය වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇති […]

ශ්‍රී ලංකන් ගුවන් සේවය රටේ ආර්ථිකය කාබාසිනියා කරන සුදු අලියකු බවට චෝදනා නැගෙනුයේ හේතු විරහිතව නොව සහේතුකවය. ශ්‍රී ලංකන් ගුවන් සේවය එක් කලෙක පක්ෂ කාර්යාලයකින් වෙනස් නොවීය. පාලකයන්ගේ නෑදෑ හිතවතුන්ගේ මනදොළ සපුරන නින්දගමක් බවට එය පත්ව තිබිණි. සියවස් ගණනාවකින් හෝ මෙම ආයතනය ගොඩ නැගිය නොහැකි බවට සමාජ මතයක් නිර්මාණය වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.