ඉන්දියාවෙන් ලොකු ලූනු තොග විශාල වශයෙන් ආනයනය කිරීම නිසා චීන ලූනු සඳහා ඉල්ලුම අඩුවීමෙන් ඒවා තොග පිටින් ඉවත් කිරීමට සිදුවී ඇතැයි පිටකොටුව වෙළෙඳුන් කියා සිටිති. පසුගිය දිනවල චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 300 කට අලෙවි කෙරුණු අතර, මේ දිනවල චීන ලොකු ලූනු කිලෝව රුපියල් 100 කටවත් විකුණාගත නොහැකි බවද ඔවුන් […]

ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටි කාලයේදී නෙදර්ලන්තය පරිත්‍යාග කළ සුඛෝපභෝගී රථයක් පෞද්ගලික පරිහරණයට යොදාගනිමින් රජයට රුපියල් ලක්ෂ 10 ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහි නඩුව යළි ලබන 29 වනදා කැඳවීමට මහාධිකරණය නියෝග කර ඇත. මහාධිකරණ විනිසුරු ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරියේ එය අද (05) කැඳවූ අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් […]

2024 ජනවාරි 1 සිට නෙදර්ලන්තයේ පන්ති කාමර වලින් ජංගම දුරකථන, ටැබ්ලට් සහ ස්මාර්ට් ඔරලෝසු බොහෝ දුරට තහනම් කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. පාඩම් අතරතුර අවධානය වෙනතකට යොමු කිරීම සීමා කිරීමේ උත්සාහයක් ලෙසින් නෙදර්ලන්ත රජය මෙම නියෝගය ප්‍රකාශ කර ඇත. උපාංග සඳහා අවසර දෙනු ලබන්නේ ඒවා විශේෂයෙන් අවශ්‍ය නම් […]

පසුගිය සති කිහිපය තුළදී විදෙස්රටවල් කිහිපයක සිට මෙරටට තැපැල් සේවය හරහා ආනයනය කරන ලද පාර්සල් කිහිපයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. එම මත්ද්‍රව්‍ය වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්නය.(රුපියල් 95,860,000) එම පාර්සල් නිෂ්කාශනය කර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ […]

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත යොමුකර තිබූ රුපියල් කෝටි 7 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා අද (4) පැවසීය. ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් රඳවාගත් සැක සහිත පාර්සල් 13 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.