ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවය. වෑවලගේ රශ්මි නුවන් නමැති මෙම සැකකරු අංක 141/1 වැල්ලවීදිය, මීගමුව යන ලිපිනයේ පදිංචි අයෙකු බව පොලිසිය සදහන් කරයි. මෙම සැකකරු සම්බන්ධයෙන් […]

2022 සිට 2023 දක්වා ගතවූ වසරක කාලය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වලින් 22,497ක් හෙවත් 4%ක් දෝෂ සහගතය. මෙම දෝෂ සහිත හැඳුනුම්පත් PVC වර්ගයට හා හලකාබනේට් වර්ගයට අයත් බව රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන්ය. මේ නිසා විශාල මුදලක් හානි වී […]

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වහොත්, එම අගතියට පත් පාර්ශ්වයට සහනයක් […]

උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකිව සිටින නිසි වයස සම්පූර්ණ වූ පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් හා වයස 40 ඉක්ම නොවූ පුද්ගලයන් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිත ය. […]

වයස අවුරුදු 15 දී ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව නිසි වයසේදී හැඳුනුම්පතක් ලබා නොගන්නා පුද්ගලයන් එම වයස ඉක්මවා හැඳුනුම්පත් ඉල්ලුම් කරන අවස්ථාවන්හිදී ඔවුන් රුපියල් 2,500/= ක දඩයකට යටත් කිරීමට හැකි බව එම චක්‍රලේඛයේ මගින් පෙන්වා දී ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.