රජයේ පාලන මිල නොතකා බිත්තර බරට කිරා අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව ද එයින් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද පාරිභෝගිකයෝ මැසිවිලි නගති. මෙම තත්ත්වය හේතුවෙන් පාලන මිලට වඩා අධික මිලක් ගෙවා බිත්තර මිලට ගැනීමට සිදුව ඇතැයි ඔවුහු චෝදනා කරති. ඒ අනුව, බිත්තර කිලෝවක් මිලදී ගැනීමේදී පාලන මිල […]

දැනට බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට අවසර දී තිබෙන ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙඳපළේ අලෙවි කිරීම සඳහා අවසර දෙන ලෙස බිත්තර අලෙවිකරුවන් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව මෙතෙක් අවධානය යොමු කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. දැනට වෙළෙඳපළේ පවතින බිත්තර හිඟය සැලකිල්ලට ගනිමින් ජනතාවට පහසුවෙන් බිත්තර ලබා දීම සඳහා […]

ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන බිත්තර බේකරි කර්මාන්තයට සුදුසු නොවන බව කීම බිල්ලෙක් මවා පෑමක් බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය. ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන තෙක් මෙරට බේකරි හිමියන් මග බලා ගෙන සිටි බව ත් එය වැළැක්වීමට අතේ ඇඟිලි ගාණට සිටින කුහක කුකුළු ව්‍යාපාරිකයන් පිරිසක් කටයුතු කරන බව ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.