බරට විකුණන බිත්තර . . .

රජයේ පාලන මිල නොතකා බිත්තර බරට කිරා අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව ද එයින් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද පාරිභෝගිකයෝ මැසිවිලි නගති. මෙම තත්ත්වය හේතුවෙන් පාලන මිලට වඩා අධික මිලක් ගෙවා බිත්තර මිලට ගැනීමට සිදුව ඇතැයි ඔවුහු චෝදනා කරති.

ඒ අනුව, බිත්තර කිලෝවක් මිලදී ගැනීමේදී පාලන මිල වන රුපියල් 44.00 හා 46.00 යන මිල ගණන් ඉක්මවා රුපියල් 52.00 සිට 60.00 දක්වා අධික මිලක් වන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ ම, බොහෝ සිල්ලර වෙළෙඳුන් මේ වනවිට සාමාන්‍ය පරිදි සිල්ලරට විකිණීම ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට බර අනුව කිරා විකිණීමට කටයුතු කරන්නේ යැයි චෝදනා එල්ල වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පාරිභෝගික අධිකාරියේ නිලධාරිනියක පැවසුවේ, තනි බිත්තරයක් ඉල්ලා සිටිය ද පාරිභෝගිකයාට එය විකිණීමට වෙළෙඳුන් කටයුතු කළ යුතු බව යි.

රජයේ ගැසට් නිවේදනය අනුව බිත්තර ගෙඩි අනුව ඉල්ලුව ද ලබා දිය යුතු යැයි කී ඇය පාලන මිල රුපියල් 44.00 (සුදු) හා රුපියල් 46.00 (රතු) වශයෙන් පවතින්නේ යැයි පැවසුවා ය.

ආනයනික බිත්තර බේකරි කර්මාන්තයට පමණක් සීමා කළද ඇතැම් ව්‍යාපාරිකයන් එම බිත්තර ද සිල්ලරට විකිණීමේ සිදුවීම් වාර්තා වී ඇතැයි ද එවැනි අවස්ථා ගණනාවකදී ම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළේ යැයි ද එම නිලධාරිනිය සඳහන් කළා ය.

බිත්තර ලබා ගැනීම සඳහා ම ලංකාවට ආනයනය කර දැඩි කළ කිකිළියන්ගේ ගහණය මේ වනවිට අඩුව ඇතැයි කී ඇය එසේ වයසට ගිය කිකිළියන්ගෙන් ලැබෙන බිත්තරවල ස්කන්ධය වැඩි යැයි ද කීවා ය.

මේ නිසා එසේ වයසට ගිය කිකිළියන්ගෙන් ලබා ගත් බිත්තර වෙළෙඳපොළේදී බිත්තර ගෙඩි වශයෙන් විකිණීමට වෙළෙඳුන් මැළිකමක් දක්වන්නේ යැයි ද මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය කරන පරීක්ෂාවලදී ස්කන්ධයෙන් වැඩි හා අඩු බිත්තර කවලම් කර විකුණන්නේ යැයි ඔවුන් පවසන බව ද ඇය කීවා ය.

කිලෝ ග්‍රෑම් එකකට සාමාන්‍ය බිත්තර 20ක් පමණ අන්තර්ගත වන නමුත් මෙම විශාල බිත්තර කිලෝවකට හසුවන්නේ සංඛ්‍යාත්මකව ඉතා අඩු වශයෙන් යැයි ද එම නිලධාරිනිය පැවසුවා ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිංහල භාෂාව ගැන අප අනිවාර්යෙන්ම දැන ගත යුතු දේ . . .

Tue Jun 13 , 2023
සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු. 1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x