හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තම දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ දෙක මෙන්ම ඔහුගේ නිවසේ පටිගත වී ඇති සිද්ධියට පාදක වූ සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වන තොරතුරු එකිනෙකට පරස්පර වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහට දැනුම් දුන්නේය. හිටපු ජනාධිපතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සත්‍ය සඟවා අසත්‍ය […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවිධායකයන්, ආසන සංවිධායකවරුන් අද (30) කොළඹට කැඳවා ඇත. එහිදී පාර්ලිමේනතු මන්ත්‍රී දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරු වලින් පමණක් ඉවත් කිරීමට යොජනාවන් ගෙන ඇත. පසුව එයට විරුද්ධව ඇමති […]

පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සමාලෝචනය කිරීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වේ. ඒ අදාළ ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුවට අද (26 වැනිදා) සවස ලැබීමෙන් අනතුරුවය. අදාළ සමාලෝචනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අනුයුක්ත කර තිබේ. පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා […]

  වැදගත් තීන්දු කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම සාමාජිකයන් මේ සති අන්තයේදී කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවීමට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇත. මේ අනුව මෙසේ කොළඹට කැඳවනු ලැබ සිටින්නේ   එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්, විධායක කාරක සභිකයන් ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පක්‍ෂයේ අනුබද්ධ […]

  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ  මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ නිවස ලබාදීම සඳහා 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු […]

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ දියණියගේ නිවස සොරු කඩා මුදල් හා දේපොළ සොරකම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඇය විසින් තලංගම පොලිසියට පැමිණිලි කර ඇත. බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේ පිහිටි මෙම නිවසෙහි කිසිවකු නැති අවස්ථාවක දොර කඩා නිවසට ඇති වී මෙම සොරකම සිදු කර ඇත. මුදල් රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න දේපළ සොරාගෙන […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ට ලබාදීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටියි. දැනට පක්ෂයේ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට අමතරව මෙසේ චන්ද්‍රිකා කුමාරතුංග ට ඉහළ තනතුරක් ලබා දීමට පියවර ගනිමින් සිටී. මේ පිළිබඳව දැනටමත් චන්ද්‍රිකා කුමාරතුංග ද දැනුම් දී තිබේ. ඉදිරියේදී […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභාවේදීය. කාන්තා පෙරමුණ තුළ ඇතිවී තිබෙන ආරවුල් හා ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. lanka C news

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ චෝදනා පත්‍රය  ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ලිපියක් නිකුත් […]

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ සොහොයුරාගේ (චමින්ද සිරිසේන) රුපියල් කෝටියක් පමණ වටිනා දියමන්තියක් ඇල්ලූ රන් මුද්දක් සහ ඩොලර් පන්දාහක් රැගෙන ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු පලා ගිය පුවතක් පොලොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලොන්නරුව පොලිසියට ඊයේ (29 දා) දිනයේ වාර්තා වූ බවයි පැවසෙන්නේ. මෙම සිද්ධිය සැලවීමත් සමග පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.