මෛත්‍රීගේ චෝදනා පත්‍රය අධිකණය තහනම් කරයි . . .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ චෝදනා පත්‍රය  ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.

තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ලිපියක් නිකුත් කර ඇති බවති එවැනි ලිපියක් යොමු කිරීමට පක්ෂයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවෙන්  බලයක් නොමැති බව දයාසිරි ජයසේකර  වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ් . . .

Thu Sep 21 , 2023
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ. නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළ ව හිටපු මන්ත්‍රීවරයාට චෝදනා ගොනු වී ඇත.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x