පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු ඇතුළු පිරිසක් ඉදිරි මැතිවරණ වලට තරග කිරීම සඳහා වෙනම සන්ධානයක් ලියාපදිංචි කිරීමට භාරදී ඇත. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ හදවත ලකුණෙන් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවය. තවත් පක්ෂ ගණනාවක් හා සංවිධාන ගණනාවක් මේ වන විට නව සන්ධානය හා එක්වීමට සාකච්ඡා කරමින් සිටින බවයි.  lanka C […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයෙහි තිබූ ලිපිලේඛන රැගෙන ගොස් ඇත්තේ පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බවට චෝදනා කළ එම පක්ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය. තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ […]

තමන් ඉල්ලීමක් කළහොත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස්වලින් තමාට හොඳ පිළිගැනීමක් ඇති බවයි. විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) ඇතුළු […]

සමගි ජන බලවේගය සමඟ එක් වීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, පක්ෂ 18 ක් එකතු වී නිර්මාණය කරගත් පරමාදර්ශී දේශපාලනයක් සදහා වු ජනතා ව්‍යාපාරය අද රැස් වූ අවස්ථාවේදීයි. ඒ, අනුව ඉදිරියේ දී තමා සහාය ලබා දෙන පක්ෂය සම්බන්ධව තීරණයක් ගන්නා බව […]

නිදහසට කරුණු විමසා පක්ෂය යොමු කළ ලිපියට එරෙහිව දයාසිරි ජයසේකර ලබාගත් වාරණ නියෝගය අත්හිටුවා තිබේ.  ඒ, නඩුව අද (26) කොළඹ දිසා අධිකරණ විනිසුරු සදුන් විතාන හමුවේ කැඳවු අවස්ථාවේදී ය. චෝදනා 5 කට අදාළව නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම ලිපිය නිකුත් කර තිබූ අතර, ඊට වාරණ නියෝගයක් නිකුත් […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ චෝදනා පත්‍රය  ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ලිපියක් නිකුත් […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම ධූරයෙන් ඉවත් කර තිබේ. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු එම ධූරයෙන් ඉවත් කරනු ලැබ ඇත. ඒ අනුව, එම ධූරයේ වැඩබැලීම සඳහා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන හිටපු මහ ඇමතිවරයෙකු වන […]

කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නැතැයි ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී  අද (19)පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. බන්දුල ගුණවර්ධන මෙසේද පැවසීය. කැලණි පාලමේ ඇණ ගැලවූයේ  යැයි  කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක්. පාලමේ ඇඳි වල බට සොරකම් කරල […]

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ පුත් වන නීතිඥ කවීන් ජයසේකර සිය පෙම්වතිය සමඟ බම්බලපිටිය ප්‍රදේශයේ මෝටර් රථයක කතබහ කරමින් සිටියදී පාපැදියකින් පැමිණි පුද්ගලයකු මන්ත්‍රී පුතාව මංකොල්ල කා තිබෙනවා. සැකකරු මන්ත්‍රී පුතුගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර රුපියල් 1,60,000 වටිනා සුදු රත්තරන් මාලයක් සහ රුපියල් 3000ක් පැහැගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් […]

පළාත් පාලන මැතිවණයට ඉදිරිපත් වු රාජ්‍ය සේවකයින්ට නැවත තමන් රාජකාරී කළ ස්ථානවලම සේවයට වාර්තා කිරිමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අද (24) සංදේශයක් භාර දුන්නේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.