ඩලස් තනිවේ . . .

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සහාය දීමට තීරණය කර ඇතැයි එම සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස සමග එක්වූයේ 2022 වසරේදී බවත් ඒ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණ ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පත් කිරීමට බවත් එසේ වූයේ නම් අද සජිත් ප්‍රේමදාස අගමැති බවත් හෙතෙම පැවසීය.

ඩලස් අලහප්පෙරුම එදා ජනාධිපති වූයේ නම් සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම සමග ආණ්ඩු කිරීමටද තීරණය කර තිබූ බවත් ඔහු පැවසීය.

අද වන විට ආණ්ඩුවට පක්ෂපාතිව තිබෙන්නේ සියයට විස්සක ඡන්ද ප්‍රතිශතයක් බවත් විපක්‍ෂයේ කණ්ඩායම්වලට සියට අසූවක ඡන්ද ප‍්‍රථිපලයක් ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.

නමුත් විපක්ෂය කෑලි කෑලි වලට විසිරී තිබීම මත මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමේ උත්සාහය මෙතෙක් සාර්ථක වී නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අවුරුදු 20ක් සේවකයන් බලාගෙන සිටි ටග් යාත්‍රාව . . .

Tue Feb 20 , 2024
කොළඹ වරාය ටග් යාත්‍රා අංශයට අලුත් ටග් යාත්‍රාවක් මිල දී ගැනීම සඳහා වසර 20ක් තිස්සේ එහි සේවකයන් ගෙන ගිය අඛණ්ඩ සටනකින් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කරවා ගෙන ටග් යාත්‍රාවක් මිල දී ගැනීමට ටෙන්ඩර් කැඳවා සුදුසු සමාගමක් තෝරාගෙන තිබියදී වරාය අධිකාරියේ බලධාරීන් එම මුදල වෙනත් කටයුත්තකට යොදාගැනීමේ උත්සහයක යෙදී සිටින බවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x