අවුරුදු 20ක් සේවකයන් බලාගෙන සිටි ටග් යාත්‍රාව . . .

කොළඹ වරාය ටග් යාත්‍රා අංශයට අලුත් ටග් යාත්‍රාවක් මිල දී ගැනීම සඳහා වසර 20ක් තිස්සේ එහි සේවකයන් ගෙන ගිය අඛණ්ඩ සටනකින් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කරවා ගෙන ටග් යාත්‍රාවක් මිල දී ගැනීමට ටෙන්ඩර් කැඳවා සුදුසු සමාගමක් තෝරාගෙන තිබියදී වරාය අධිකාරියේ බලධාරීන් එම මුදල වෙනත් කටයුත්තකට යොදාගැනීමේ උත්සහයක යෙදී සිටින බවට සේවකයෝ චෝදනා කරති.

ඔවුන් පවසන්නේ වරාය අධිකාරියේ ECT පර්යන්තය ගොඩ කිරීමේදී ඒ සඳහා වැලි සමග මඩ යෙදීමෙන් එම භූමිය ගිලා බැසීමකට මුහුණ දීමේ අවදානමකට පත්ව තිබෙන බවත්, එම පර්යන්තයේ අලුතින් ගෙන්වන ලද ගැන්ට්‍රි  ‍දොඹකර ධාවනයට පීලි සවි කිරීමේදී ඒවා ගිලා බැසීමේ අවදානමක් පවතින බවත්, එය වළක්වා ගැනීමට විශේෂ කොකු විශේෂයක් සවි කිරීමට  ‍දොඹකරය මිලදී ගැනීමට වෙන්කළ මුදල වැය කිරීමට සූදානමක් පවතින බවත්ය.

2004 වසරෙන් පසු මේ වනතුරු වසර 20ක කාලයක් සඳහා අලුතින් දොඹකරයක් මිල දී ගැනීමට වරාය අධිකාරිය පියවර ගෙන නොමැති බවත්, දැනට වරාය සතුව පවතින්නේ වසර 25-30ක් පමණ කාලයක මිලදී ගත් ටග් යාත්‍රා දෙකක් වන අතර දැනටමත් වසර එකහමාරක පමණ කාලයක සිට එම යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා නංගුරම් ලා බැඳ තිබෙන බවත් මේ වන විට වරාය අධිකාරිය දිනකට ඇමරිකානු ඩොලර් 4,500කට අධික මුදලක් ගෙවමින් පෞද්ගලික අංශයෙන් ටග් යාත්‍රා හතරක් කුලී පදනම මත ලබාගෙන තිබෙන අතර එම යාත්‍රා දෙකට බලය සපයන්නේ ද වරාය අධිකාරිය විසින් බව සේවකයෝ පෙන්වා දෙති.

වරාය අධිකාරියේ ECT පර්යන්තයේ ධාවනයේ යොදා ගන්නා ගැන්ට්‍රි තුන ගිලා බැසීම වළක්වා ගැනීමට බව කියමින් මිල දී ගැනීමට යන විශේෂ කොකු වර්ගයට ටග් යාත්‍රාව මිල දී ගැනීමට වෙන්කළ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 6ක් ලබාගැනීමට දැනටමත් කටයුතු කරමින් සිටින බව ද සේවකයෝ පෙන්වා දෙති.

පසුගිය වසරේ ටග් යාත්‍රාවක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තුර්කි සමාගමක් විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයක් අනුව එම සමාගමෙන් ටග් යාත්‍රාවක් මිල දී ගැනීමට මේ වන විට තීරණය කර තිබේ. වරාය අධිකාරියේ බලධාරීන්ගේ නොසැලකිල්ලකින් සිදු වූ වරදක් වසා ගන්නට ටග් යාත්‍රාව මිල දී ගැනීමට වෙන් කළ මුදල යොදා ගැනීම නිසා වරාය අධිකාරියේ ටග් යාත්‍රා අංශයට බරපතළ අසාධාරණයක් මෙන් ම එම සේවය අඩපණ කිරීමක් සිදු කරන බව සේවකයෝ පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ 2000 හා 2004 වසරවලදී මිල දී ගත් ටග් යාත්‍රා දෙක අලුත්වැඩියා නොකර වසර එකහමාරක් තිස්සේ නැංගුරම් ලා තිබීමෙන් එම යාත්‍රා දෙක ද වැඩිකල් යෑමට පෙර අබලන් තත්ත්වයකට පත්විය හැකි බව ය.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අයිෆල් කුළුණේ සේවකයෝ වර්ජනයක . . .

Tue Feb 20 , 2024
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණේ සේවකයින් වැඩ වර්ජනයක් දියත් කිරීම හේතුවෙන් එම කුළුණ සංචාරකයින්ට තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම නිසා ලොව වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වූ අයිෆල් කුළුණ ඊයේ (19) සිට තාවකාලිකව වසා දමා ඇත. ලබන ජූලි 26 වැනිදා පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x