හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ යළි කැඳවනු ලැබීය. […]

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ම එම පත්කිරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සමක් සැලකිල්ලට ගනිමිනුයි. එමෙන්ම එම පක්ෂයේ වැඩ බලන ලේකම් ලෙස කටයුතු කරන දුෂ්මන්ත මිත්‍රපාල […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය පැමිණිලි සහ විත්ති පාර්ශවයන්ගේ එකඟතාවය මත මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර ගැනීමට ඊයේ (අප්‍රේල් 8) උදෑසන පදනම් ආයතනයේදී රැස්වූ එහි දේශපාලන මණ්ඩලය තීරණය කොට ඇත. එම පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් ඊයේ කැඳවා තිබුණේ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දේශපාලන මණ්ඩල සාමාජිකත්වය වෙත කළ […]

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (04) නිකුත් කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනු කළ පෙත්සමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මෙම නියෝගය දුන්නේය. ශ්‍රීලනිප ව්‍යවස්ථාව අනුව යම් තැනැත්තකුට එකවිට සභාපති හා අනුශාසක […]

ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා වාරණ නියෝගයක් නිකුත් කළේය. මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව” සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන නොයන බව සඳහන් කරමින් ‘මැක්ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන […]

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන කැලණිය සංවිධායක ධූරය අත්හිටුවීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම වාරණ […]

නිදහසට කරුණු විමසා පක්ෂය යොමු කළ ලිපියට එරෙහිව දයාසිරි ජයසේකර ලබාගත් වාරණ නියෝගය අත්හිටුවා තිබේ.  ඒ, නඩුව අද (26) කොළඹ දිසා අධිකරණ විනිසුරු සදුන් විතාන හමුවේ කැඳවු අවස්ථාවේදී ය. චෝදනා 5 කට අදාළව නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම ලිපිය නිකුත් කර තිබූ අතර, ඊට වාරණ නියෝගයක් නිකුත් […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ චෝදනා පත්‍රය  ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ලිපියක් නිකුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.