සුපිරි අවන්හල් 12 ක් උසාවියෙන් වහයි . . .

ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා වාරණ නියෝගයක් නිකුත් කළේය.

මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව” සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන නොයන බව සඳහන් කරමින් ‘මැක්ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන 12 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ වාරණ නියෝගයක් නිකුත් කළේය.

ඇමරිකාවේ සුප්‍රක‍ට පිසූ ආහාර ජාලයක් වන ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම විසින් පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට අවන්හල් 12ක් නම් කර ඇත.

නීතීඥ සනත් විජේවර්ධන ගේ උපදෙස් මත ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව” සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලෙස මව් සමාගම විසින් අවස්ථා ගණනාවකදීම උපදෙස් දී ඇතත් ඔවුන් එම උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කරන්නේ යැයි කීය.

‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් මෙරට පවත්වාගෙන යන්නේ ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම සමඟ එළැඹි ගිවිසුමකට අනුව බවත් වගඋත්තරකාර මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් එම ගිවිසුමකට අනුව කටයුතු නොකරන්නේ යැයිද එම ගිවිසුම අනුව පිරිසුදුව සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලෙස ඔවුන්ට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නත් ඔවුන් ඒ අනුව කටයුතු නොකිරීම නිසා ගිවිසුම අවංගු කිරීමට මව් සමාගම තීරණය කළේ යැයිද කී ජනාධිපති නීතීඥ ආචාර්ය රෝමේෂ් ද සිල්වා ගිවිසුම අවලංගු කළ පසුවද වගඋත්තරකාර මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් එලෙසම සිය කටයුතු පවත්වාගෙන යන්නේ යැයිද කීය.

එහෙයින් මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් වල කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ආචාර්ය රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය,

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කාර ‘මැක්ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන අදාළ වාරණ නියෝගයක් නිකුත් කළ අධිකරණය මෙම පෙත්සම ලබන 12 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

  • මනෝප්‍රිය ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රාථමික පාසල් දරුවන්ට අද සිට දිවා ආහාරය . . .

Mon Mar 25 , 2024
දිවයිනේ සියලු‍ම පාසල්වල ප්‍රාථමික ‍ශ්‍රේණිවල දරුවන්ට අද (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. ක්‍රියාශීලී දරු පරපුරක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x