ප්‍රාථමික පාසල් දරුවන්ට අද සිට දිවා ආහාරය . . .

දිවයිනේ සියලු‍ම පාසල්වල ප්‍රාථමික ‍ශ්‍රේණිවල දරුවන්ට අද (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩ සටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිත යැයි ද එම අමාත්‍යාංශය කියයි.

රට පුරා රජයේ පාසල් 9134 ක ප්‍රාථමික ශ්‍රේණිවල (1 -5) සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් ලක්ෂ 16 ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභ ලබන අතර ඒ සඳහා රජය රුපියල් කෝටි 16,60 ක් වැය කරන ඛව ද ඵම අමාත්‍යාංශය සදහන් කරයි.

  • රංජන් කස්තුරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිමි ඇඳුම් අලෙවිසැලක බිහිසුණු ගින්නක් . . .

Mon Mar 25 , 2024
වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 10ක්  එම සථානයට යොමුකර ඇත. සමාජ මාධ්‍යයෙහි සංසරණය වන එහි  දර්ශන පහතින්… Sewvandhi

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x