හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ. ඒ, එම පක්⁣ෂයේ විධායක කමිටු රැස්වීමේදී ය. අමාත්‍ය විජේදාස රාජපක්ෂ ව ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට පත් කර ඇත. dinamina

  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ යළි කැඳවනු ලැබීය. […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය පැමිණිලි සහ විත්ති පාර්ශවයන්ගේ එකඟතාවය මත මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා […]

වර්තමානයේ පක්ෂයට  එරෙහිව කුමන බාධක සහ අභියෝග එල්ලවී තිබුණත් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය හිමිකර ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ  වාමාංශික බලවේග රැගත් සන්ධානය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති […]

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසයි. මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර ගැනීමට ඊයේ (අප්‍රේල් 8) උදෑසන පදනම් ආයතනයේදී රැස්වූ එහි දේශපාලන මණ්ඩලය තීරණය කොට ඇත. එම පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් ඊයේ කැඳවා තිබුණේ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දේශපාලන මණ්ඩල සාමාජිකත්වය වෙත කළ […]

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (04) නිකුත් කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනු කළ පෙත්සමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මෙම නියෝගය දුන්නේය. ශ්‍රීලනිප ව්‍යවස්ථාව අනුව යම් තැනැත්තකුට එකවිට සභාපති හා අනුශාසක […]

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමු කළ පැමිණිල්ලකට අදාළව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත. අප්‍රේල් 18 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි එම නියෝගය නිකුත් කර ඇතැයි […]

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට දැනුම්දී තිබේ. හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම්දී ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ […]

  අද (25) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. පසුගිය දා මහනුවර ප්‍රදේශයේ දී පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් සිදුකර තිබිණ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදෙනු ලැබුවේ එම අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.