රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ඇති අතර, ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අතිරේක විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයා ගන්නා බව ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරයි. […]

විදුලි බිල වැඩිකර තවදුරටත් විදුලි කප්පාදුවක් සිදුකරගෙන ගියහොත් රට තුළ ඇති ඇඟලුම් කර්මාන්ත ශාලා වසා දමා ඉන්දියාව සහ මාලදිවයින යන රටවලට ආයෝජකයන් සිය කර්මාන්ත ශාලා ගෙන යෑමේ අවදානමක් මතුවන බව නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක පැවසීය. මෙරට ඇඟලුම් ක්‍ෂේත්‍රයේ ප්‍රධාන සමාගමක් මේ මස සිය කර්මාන්තශාලා තුනක් […]

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟරු සපයා ගැනීමට නොහැකි වුවොත් ලබන ඔක්තෝබර් අවසන් වෙනවිට පැය 10 කට අධික කාලයක් විදුලිය කැපීමට සිදුවන බවට විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති. මේ පිළිබඳව හදිසි සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති ඇමතිවරයාගේ මූලිකත්වයෙන් 10 දා පවත්වා තිබේ. එහිදී මූලිකම අවධානය යොමු ඇත්තේ විකල්ප සැපයුම්කරුවන් වෙතින් ගල් අඟුරු ලබා […]

නොරච්චෝලේ මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරය නැවත ක්‍රියාත්මක වන තෙක්  පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර බදාදා (22) ප්‍රකාශ කළේය. “නොරොච්චෝලේ බලාගාරය නැවත විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන තුරු පැය දෙකහමාරක විදුලි කප්පාදුව එලෙසම පවත්වාගෙන යාමට සැලසුම් කරමි” යනුවෙන් අමාත්‍යවරයා බදාදා (22) ට්විටර් පණිවුඩයක්ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.