හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය. අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ එම නියෝගය නිකුත් කරනු ලැබීය. එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු […]

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාදී බුදුරජාණන්ට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මහින්ද කොඩිතුවක්කු නැමත්තා රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය. සැකකරු සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලට යොමුකරන ලෙස ඔහුගේ පියාට සහ ඔහුගේ සහෝදරියට […]

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත. එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට (02) දිනයේ පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටය. aruna

මුදල් විශුද්ධිකරණය කළ බවට චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සියළු විත්තිකරුවන් නිදොස් කර නිදහස් කර තිබේ. කොළඹ මහාධිකරණය එම නියෝගය ක‌ළේ සාක්ෂි කැඳවීමකින් තොරවය. පැමිණිල්ලේ සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි සහ විශ්වාසයෙන් තොර බවත්, අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහි චෝදනා සනාථ කළ හැකි […]

මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාට අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෙළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද නියෝග කළේය. සචිත්‍ර සේනානායක ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් අනතුරුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. එසේම, ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් […]

ආගමන විගමන නිලධාරීන් අධිකරණ දෙකකින් විදෙස් ගමන් තහනමක් පනවා තිබියදී කටුනායකින් හොර රහසේ පළාගිය පුද්ගලයෙකු යළි කටුනායක වෙත ගෙන්වාගැනීමට සමත්ව තිබේ. මෙලෙස නීතිවිරෝධී ලෙස රටින් පළාගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඊයේ දිනයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ මුම්බායි බලා ගමන් ආරම්භ කරන ගුවන් යානය ගුවන්ගතවීමට ආසන්නවීමත් සමග […]

පිරමීඩ ක්‍රමයට මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ හය දෙනකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට කෙළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබෙනවා. එමෙන්ම එම සමාගමේ බැංකු ගිණුම් 58 අත්හිටුවීමට ද නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් […]

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව එම විදෙස් ගමන් තහනම පනවා තිබුණේ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළවය.  

ගෝල්ෆේස් ආශ්‍රිතව පසුගිය මැයි 09 වනදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඇමති පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන පිරිසට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත්කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (17) නියෝග කර තිබේ. මෙම නියෝගය ආගමන […]

මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ ව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය. සැකකරුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණි. බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසින් එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.