ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවන්ට ඇතුල් වී නීතිවිරෝධීව මසුන් ඇල්ලීම සහ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා මගින් උතුරු ධීවරයින්ගේ දැල් ආම්පන් විනාශ කිරීම ආදි කරුණු කිහිපයකට විරෝධය පාමින් යාපනයේ ධීවරයින් යාපනය මුහුදේ විරෝධතාවක නිරත වූහ. යාපනය වේලනෙයි සහ මණ්ඩතිවු ප්‍රදේශයන්හි ධීවරයින් ඒම මුහුදු සීමාවන්ට සිය ධීවර යාත්‍රා රැගෙන ගොස් ඉන්දීය ධීවරයින්ට එරෙහිව […]

රජයේ ඖෂධවේදීන් මුහුණ දෙන ගැටලු රැසක් මුල්කරගෙන රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (21) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ. ඖෂධවේදී උපාධිධාරීන්ට හැකි ඉක්මණින් පත්වීම් ඉල්ලා සිටීම මෙම විරෝධතාවයේ ප්‍රධාන සටන් පාඨය බවට පත්ව තිබුණි. යොහාන් භාසුර / ගයාන් අමරසේකර

ක්‍රීඩා, යෞවන සහ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී ‘ශ්‍රී ලංකාව ඉන්දියවේ කොටසක්’ යැයි කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ‘එට්කා’ එපා ජාතික එකමුතුව’ කොල්ලුපිටියේ පිහිටි ඉඩම් සහ සංචාරක අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පෙරවරු විරෝධතාවක් පැවැත්වීය. එම පිරිස ‘හරීන් ඇමතිකමින් වාහා නෙරපනු සහ ඉන්දියාවට රට විකිණීම වහා නවතනු’ ආදි සටන් […]

සමගි ජන බලවේගය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාවයට ඉතා අමානුෂික ලෙස පොලිසිය විසින් පහර දීම තරයේ හෙළා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. මේ මොහොතේ තාවකාලිකව පාර්ලිමේන්තුව විසින් පත්කර ගනු ලැබූ ජනාධිපතිවරයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ගේ වගකීම වන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ […]

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකට මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ වීදි කිහිපයක වාහන ගමනාගමනයට බාධා කිරීම තහනම් කරමින් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අද (30) අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙයි. ඒ අනුව මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියෙන් ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවත, ජයන්ත විරසේකර මාවත, මිල්ටන් […]

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවය කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. “වෙනසක් හදන වසරක් 2024” යන මැයෙන් විරෝධතාවය සංවිධානය කර තිබිණි. විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, […]

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙයි. පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බව විදුලි බල මණ්ඩලය පවසයි. සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර […]

වරාය වෘත්තීය සමිති එකමුතුව ‘බයිලා එපා වැටුප් වැඩි කරනු’  යන සටන්පාඨයේ අතරේ මේ වන විට වරාය ඉදිරිපිට කාන් ඔරලෝසු කණුව අසල පවත්වන විරෝධතාවය හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. කොළඹ කොටුව සහ අවට මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතී. රුපියල් 20000 ක වැටුප් වැඩිවීමක් වහාම ඉල්ලා සිටීම සහ බදු […]

මෙවර අයවැයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන ප්‍රතිපාදන විශාල වශයෙන් කපා හැරීම ඇතුළු ආණ්ඩුව අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ග ගණනාවකට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත් වූ විරෝධතාවයට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර තිබේ. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිණි අමරසූරිය, අයිතීන් […]

කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (26) පැවැත්වූ විරෝධතාවයකට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරියේය. විහාර මහාදේවී උද්‍යානය අසල අසලින් ආරම්භ කළ මෙම විරෝධතාවය කොළඹ පුරහල දෙසට ගමන් කිරීමත් සමගම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.