ලක්ෂ විසි හතක වැඩ කරන සේවක පිරිසට සෙත සැලසෙමින් මෙතෙක් 9%ක්ව පැවැති සේවක අර්ථසාධක අරමුදලේ පොලිය 13% දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය. දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදලේ පොලිය සියයට නවයක් ලෙස ලබාදීමට පාර්ලිමේන්තුවේ සම්මතවී තිබියදී මෙලෙස එම […]

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ඒ බව පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා […]

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් හත්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධව එම මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත. කේ.ඩී. ලයනල් ධර්මසිරි (64) නමැති දෙල්ගොඩ, උඩුපිල පදිංචි අයකු මෙම චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබේ. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් නොකපා හැර මුදල් […]

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. විජිත් […]

  සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීම ඊයේ (07) පැවැත්වුණි.  

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් ඇති නොවන පරිදි එම අරමුදලට සියයට නවයක අවම පොලී අනුපාතයක් ලැබෙන නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පැවසීය. එසේ සේවක අර්ථසාධක අරමුදල සඳහා සියයට නවයක අවම පොලී අනුපාතයක් ලබාදීම ස්ථිර කිරීම සඳහා නීති […]

මුදල් අමාත්‍යාංශය නිකුත් කර තිබෙන ණය වාර්තාව අනුව 2023 මාර්තු 31 වන විට ලංකාවේ දේශීය – විදේශීය මුළු ණය තොගය ඇමෙරිකන් ඩොලර් මිලියන 91,561 කි. බිලියන වලින් නම් 91.5 කි. ඉන් බිලියන 50 ක් දේශීය ණය වන අතර ආණ්ඩුව ඇපවී ලංවිම වැනි රාජ්‍ය ව්‍යාපාර ලබාගන්නා ණය ද ඒ තුළ අන්තර්ගතය. […]

සේවක අර්ථසාධක අරමුදලේ  රුපියල් කෝටි 20 ක ට වැඩි මුදලක් ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය පසුගිය වසරේදී අවලංගු කිරීම හේතුවෙන් අහිමිවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි. එසේම ලයිස්තු ගත නොවූ සමාගම් වල කොටස් ආයෝජනයන් රුපියල් කෝටි 500ක් (සියයට 56ක් ) 2013 වර්ෂයේදී කැන්විල් හෝල්ඩින්ග්ස් හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා  ආයෝජනය කර තිබූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.