EPF අවම පොලිය 9% යි . . .

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් ඇති නොවන පරිදි එම අරමුදලට සියයට නවයක අවම පොලී අනුපාතයක් ලැබෙන නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පැවසීය.

එසේ සේවක අර්ථසාධක අරමුදල සඳහා සියයට නවයක අවම පොලී අනුපාතයක් ලබාදීම ස්ථිර කිරීම සඳහා නීති ගෙන එන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇමැතිවරයාට උපදෙස් ලබාදී ඇත.

මේ අනුව ඉදිරි වසර තුන සඳහා සේවක අර්ථසාධක අරමුදලට සියයට නවයක අවම පොලී අනුපාතයක් ලබාදීම තහවුරු කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව ​ඇමැතිවරයා සඳහන් කළේය.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සේවක අර්ථසාධක අරමුදලට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ වෘත්තිය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර සේවක අර්ථ සාධක අරමුදලට සියයට නවයක අවම පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සහතික වී ඇත.

ඒ අනුව සේවක අර්ථසාධක පනත් කෙටුම්පතට සංශෝධනයක් ගෙන ඒම සඳහා කැබිනට් අනුමැතිය කඩිනමින් ලබාගෙන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීවේය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දික්කසාද නීති ලිහිල් වෙයි . . .

Sat Jul 1 , 2023
විවාහය තවදුරටත් අවශ්‍ය නොමැති පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම සිය කැමැත්ත පරිදි දික්කසාද වීමට හැකි වන අයුරින් නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ. විවිධ හේතූන් මත විවාහකයන්ට දික්කසාද වීමට අවශ්‍ය වුවත් වර්තමානයේ පවතින දික්කසාද නීතියේ සංකීර්ණතාවය හේතුවෙන් දික්කසාදය ලබා ගැනීමට බොහෝ අය මැළිකමක් දක්වන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x