ශ්‍රීමත් මයිකල් ගැම්බන් ජීවිතක්ෂයට . . .

ලෝක ප්‍රකට හැරී පොටර් කතා මාලාවේ චිත්‍රපට 6ක ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවූ ශ්‍රීමත් මයිකල් ගැම්බන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යන විට ඔහු 82 හැවිරිදි වියේ පසුව විය. මයිකල් ජෝන් ගැම්බන් 1940 වසරේ ඔක්තෝබර් 19 වන දින ඩබ්ලින්හිදී උපත ලැබී ය.

ඔහුගේ පියා ඉන්ජිනේරුවෙකු වූ අතර මව මැහුම් ශිල්පිනියක වූවා ය.

රූපවාහිනය සහ සිනමාව ඔස්සේ ගැම්බන් වැඩි වශයෙන් ජනාදරයට පාත්‍ර වුව ද ඔහු රංගනයට පිවිසියේ වේදිකාවෙනි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඔහු තුළ වේදිකාව කෙරෙහි වූ ඇල්ම කිසිදා වියැකී නොගිය බව ය.

ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට මුල් වරට පණ පෙවූ රිචඩ් හැරිස්ගේ අභාවයෙන් පසු ගැම්බන් ඒ සඳහා තේරී පත්ව ඇත.

ගැම්බන් ජාත්‍යන්තර ප්‍රජාව අතරට ගෙන ගියේ හැරී පොටර් කතා මාලාව බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ඔහු බ්‍රිතාන්‍යයේ සිටින විශිෂ්ට රංගන ශිල්පින් අතර සම්මානයට පාත්‍ර වුණු රංගන ශිල්පියෙකු විය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මගේ පැරණි මිතුරිය කළ උපකාරය නොවන්නට මා අද ජනාධිපති පුටුවේ නෑ . . .

Sun Oct 1 , 2023
2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. එසේම, “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අනෙකුත් රටවල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x