අද ලග්න 5කට සුබයි

2022 මාර්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා

රාහු කාලය දිවා 01.51 සිට 03.22 දක්වා රාත්‍රී 01.50 සිට 03.20 දක්වා

ශුභ දිසාව- උතුර, මරු සිටින දිසාව- දකුණ

මේෂ

උත්සාහවන්ත විය යුතුයි

මිල මුදල් හානි සිදු වේ. තමාගේ වටිනා භාණ්ඩවලට හානි පැමිණේ. රැකියා ස්ථානයේ කැළඹිලිකාරී නිෂ්පාදන සිදු වේ. බලාපොරොත්තු කඩ නිසා සිතේ කනස්සල්ලක් ඇති කරයි. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණිය හැකි උත්සාහවන්තව ක්‍රියා කළ යුතුයි. සංවාදය පාලනය කර ගැනීම.

වෘෂභ

ආහාරපානවල විශේෂත්වයක්

සිත් සතුටට කරුණු සැලසේ. යහපත් දේට සිත යොමු කරයි. වෙනදාට වඩා සැප පහසුව කල් ගත කිරීමේ හැකියාව ලැබේ. ලබාගන්නා ආහාරපානවල විශේෂත්වයක් ඇති වේ. ගෙඩිදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. නවීන යන්ත්‍රසූත්‍ර භාවිතයට සිත යොමු වේ. ශරීරය සිසිල් බවක් ඇති කරයි.

මිථුන

රැකියාවේ ගැටලු

වියදම් පක්ෂය ඉහල යයි. දුරදිග නොබලා කරන කටයුතු සිදු වේ. විශේෂයෙන් සමඟ කටයුතු කිරීමේ දී මුළා කිරීම් සිදුවිය හැක. කරගෙන යන වැඩකටයුතු කල් සිදු වේ. කේලාම් ඕපාදූප රැකියාවේ ගැටලු මතු කරයි. කැපුම් කෙටුම් ආදී අනතුරු සිදුවිය හැක.

කටක

සතුරු කරදරවලින් නිදහස

විවිධ අංශයන්ට අදාළ නිෂ්පාදන මාර්ග පුළුල් කර ගනී. ණයට දුන් මුදලක් නැවත ලැබේ. දන්නා මිත්‍රයන් සමග ආශ්‍රය කිරීමට අවස්ථාව සැලසේ. ගොවිතැන් කටයුතුවල නිරත අයට වාසිදායකයි. සමාජ වැදගත් පාත්‍ර වේ. සතුරු කරදරවලින් නිදහසක් ලැබිය හැක. සෞඛ්‍යය යහපත්ය.

සිංහ

විදෙස් අධ්‍යාපන ජය

බලාපොරොත්තු ඉෂ්ට වේ. දන්නා මිත්‍රදීන්ගේ වැඩි සැලකිල්ලක් දක්වයි. විවාහාපේක්ෂකයන්ට ගැළපෙන අයගෙන් යෝජනා ඉදිරිපත් වේ. අන්සතු වස්තුව පවා ලැබීමේ ඉඩකඩ තිබේ. රැකීරක්ෂා කටයුතුවලට ඉල්ලුම් කිරීමට ශුභයි. විදේශගත අධ්‍යාපන කටයුතුවලින් ද ජයග්‍රහණය ලබා ගනී. උසස් අය සමග ආශ්‍රය ඇති වේ.

කන්යා

නඩුහබවලින් කරදර

මුදල් ලැබීමෙන් කිසිදු ශුභදායක නැත. ණයතුරුස් වීමට පවා ඉඩ තිබේ. සිත් තැවුල්වලට හේතු විය. නඩුහබවලට පැටලීමෙන් කරදර සිදු වේ. මිතුරන් සතුටට පත් විය හැක. ගෙදරදොර නිෂ්පාදනය වේ පවුල් ජීවිතයේ ද ගැටුම් ඇති. පවුලෙන් පිට අය සමග ආශ්‍රය වැඩි වේ. අන්ය ජාතිකයන් ද ඇසුරට පත් වේ.

තුලා

සිතේ සැක උපදී

නිශ්චය වියදම් ඇති වේ. අවුල් වියවුල් සහිතයි. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. රැකියා කටයුතු සඳහා දී උදාසීනතා ඇති කරයි. පවතින රැකියාවේ ගැටලු මතු වේ. යම්කිසි දෙයක් ගැන සිතට සැකයක් ඇති වේ. ආහාර සැපයේ අපහසුතා නිසා දණහිසෙන් පහල ආබාධ තත්ත්වයන් ඇති කරයි.

වෘශ්චික

විනෝදාත්මක වේ

මිල මුදල් ලාභ හිමියි. මිතුරන් හා ආශ්‍රය වැඩි වේ. වෙනදාට වඩා සැප පහසුවක් ලැබේ. ව්‍යාපාර කටයුතුවල නිරත අයට දියුණුවක් හිමි. රැකීරක්ෂා කටයුතුවල උසස්වීම් පෙන්වයි. අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව පවතී. ගෙදරදොර සාමකාමී බවක් ඇති වේ. විනෝද කටයුතුවලට යොමු වේ.

ධනු

වෙහෙසීමෙන් වැඩ කරයි

සාමාන්‍ය මට්ටමින් යහපත් ය. කලක් බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඉෂ්ට වේ. කය වෙහෙසා වැඩ කිරීමට සිදු වේ. රැකීරක්ෂා කටයුතුවල නිරත වීමේ දී කල්පනාකාරී විය යුතුය. අධ්‍යාපන කටයුතුවලට උනන්දුව අවශ්‍යයි. ප්‍රණීත ආහාරපාන භුක්ති විඳීමේ හැකියාව ලැබේ.

මකර

ගෙදරදොර මතගැටුම්

අධික ලෙස මුදල් වියදම් වේ. බාධා පැමිණේ. වෙළඳ ව්‍යාපාර කටයුතුවල නිරත අයගේ ලාභ අඩු වේ. කරගෙන යන කටයුතුවලට අවහිරතා ඇති කරයි. සැමියා සහ බිරිඳ අතර මත ගැටුම් ඇති විය. විවාහ යෝජනා ස්ථිර වීම කල් යයි. රක්තවාත රෝග උත්සන්න විය හැක.

කුම්භ

සම්බන්ධ ගැටලු

මිල මුදල් හානි කරයි. දන්නාති මිත්‍රදීන් සමග ආරවුල් ඇති වේ. සිතේ භය සංකා ඇති කරයි. කල්පනාවෙන් සහ ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතු දිනයකි. කරගෙන යන කටයුතු නිසි පරිදි ඉටුකර ගැනීමට බාධා පැමිණේ. ගෙදරදොර වටපිටාව අපිරිසිදු තත්ත්වයට පත් වේ. හිතවත් අයකුගෙන් සංග්‍රහයක් ලැබීමට ඉඩ තිබේ.

මීන


තනතුරුවලට සහභාගී

මිල මුදල් ලැබීම මධ්‍යස්ථයි. කේලාම් ඔප්පාදූප සතුට ඇති වේ. රැකියා ස්ථානයේ දෝෂාරෝපණ එල්ල විය හැක. උසස් තනතුරු දරන්නන්ගේ තනතුරු අහිමි වීමේ අවදානම පවතී. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ප්‍රයෝජන ලැබේ. ධෛර්යය වැඩකටයුතුවල නිරත වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

The post අද ලග්න 5කට සුබයි appeared first on Aruna.

Next Post

‘‘අපි පෙන්නුවේ පොඩි දෙයක් පමණයි‘‘

Thu Mar 10 , 2022
සමග ජන බලවේග කාර්යාලය අසලට පැමිණ පෙන්නුවේ පොඩි දෙයක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.