පාස්කු ප්‍රහාරයට වසර තුනයි

අගරගුරු ප්‍රධානත්වයෙන් විශේෂ ආගමික උත්සවය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර තුනක් සපිරෙයි.

2019 වසරේ අප්‍රේල් 21 වන දින කටුවාපිටිය සියොන්, කොච්චිකඩේ යන දේවස්ථානවලට සහ හෝටල් තුනක් ඉලක්ක කර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය.

ඊට අමතරව දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක දෙහිවල පිහිටි ලැගුම්හලක ද සුළු පිපිරීමක් සිදු විය.

විදේශිකයින් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 270කට අධික පිරිසක් මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

ප්‍රහාරය එල්ල වී අදට වසර තුනක් ගත වීම නිමිත්තෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආගමික උත්සව කිහිපයක් සංවිධානය කර ඇත.

The post පාස්කු ප්‍රහාරයට වසර තුනයි appeared first on අරුණ.

Next Post

ගෑස් ලැබෙන දිනය මෙන්න

Thu Apr 21 , 2022
ලිට්‍රෝ ලබාදීම යළිත් නවතී අප්‍රේල් 25 වනදා දක්වා ගෘහස්ත වීදුරු ස්ලින්ඩර් නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ලිට්‍රෝ නිෂ්පාදනය සමාගම පවසයි. එම (20) දිනයේදී මෙම උත්සවයට ඇතුළත් වූ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට පැමිණ ඇති දස්ත භාවිතය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් නොවන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත. අදාළ තොගය රෝහල්, ආදාහනාගාර, කර්මාන්ත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.