ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව පුහුණුකරුවන් 14ක්

ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව පුහුණුකරුවන් 14 දෙනෙකු පත්කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කර ඇත්තේ නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම් හිටපු ප්‍රධාන පුහුණුකරු වන ඇන්ටන් රූක්ස්ය.

මීට අමතරව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට, නැගී එන කණ්ඩායමට සහ වයස අවුරුදු 19 පහළ කණ්ඩායමට නව පුහුණුකරුවන් පත් කර ඇත.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත් කර ඇති අතර එහි පුහුණුකරුවන් පහතින්.

තිළිණ කණ්ඩම්බි – සහකාර පුහුණුකරු
මලින්ද වර්ණපුර – පිතිකරණ පුහුණුකරු
සජීව වීරකෝන් – පන්දු යැවීමේ පුහුණුකරු
උපුල් චන්දන – පන්දු රැකීමේ පුහුණුකරු

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුවන් කල්පනා කර ඇති අතර එහි පුහුණුකරුවන් පහතින්.

රුවින් පීරිස් – සහකාර පුහුණුකරු
දර්ශන ගමගේ – පන්දු යැවීමේ පුහුණුකරු
ධම්මික සුදර්ශන – පිතිකර්ණ පුහුණුකරු

වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් පත් කර ඇති අතර එහි අනෙකුත් පුහුණුකරුවන් පහතින්.

සම්පත් පෙරේරා – සහකාර පුහුණුකරු / පිටිකරණ පුහුණුකරු
චමිල ගමගේ – පන්දු යැවීමේ පුහුණුකරු
ගයාන් විජේකෝන් – පන්දු රැකීමේ පුහුණුකරු

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව පුහුණුකරුවන් 14ක් appeared first on අරුණ.

Next Post

‘ලංගම බස් 4200 ක් අද ධාවනය කරලා‘

Thu Apr 28 , 2022
ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) දෛනිකව ධාවනය කරන බස් රථ ප්‍රමාණයෙන් සියයට 80 කට අධික ප්‍රමාණයක් වන බස් රථ 4200 ක් පමණ අද (28) මධ්‍යහන 12.00 වන විට ධාවනය කළ බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.