මේ රට ගොඩගන්නවා සත්තයි -සජිත්

අපි සූදානම් රටේ වගකීම භාරගන්න

රට විනාශ කළ රාජපක්ෂ ආණ්ඩුව සහ ඒ හා සම්බන්ධ පාර්ශ්ව අන්තර් කාලීන සූදුවලට පිහිටුවීමට සමගි ජන බලවේගය සුදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද (01) නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවති ජන බලවේගයේ පළමු මැයි දින රැලිය අමතමිනි.

”සමගියේ බලය පෙන්වන නිදහස් අරගලය” යන තේමාවෙන් ජන බලවේගයේ මැයි දින පාගමන අද දහවල් 2ට බොරැල්ල – කැම්බල් පිටියෙන් ආරම්භ වුණි.

පිරිස පාගමනින් නිදහස් චතුරස්‍රය වෙත ගමන් කරමින් සිටියදී ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජන බලවේගයේ පළමු මැයි දින රැළියේ රැස්වීමකටයුතු ආරම්භ වීම නිසා පිරිසකගේ නිදහස් චතුරස්‍රය පරිශ්‍රය වෙත පැමිණීමෙන් පසු.

ප්‍රසන්න ජනතාව ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ සඳහන් කළේය.

“මිත්‍රවරුණී දැන් මේ පිටින් එනවාලු සල්ලි. මොනවට ද ගණුදෙනු කරන්න. අපි තීන්දුවක් අරගෙන හොර ආණ්ඩුවේ කොටස්කාරයෝ එක්ක ගිවිසුම් ගහන්නේ නැතුව ඉන්න. පොඩ්ඩක් අත ඔසවලා පෙන්නන්න බලන්න අපේ තීන්දුවට කැමති කට්ටිය. ඩීල් දානවාට අකමැතියි නේද? අන්තර්කාලීන ආණ්ඩු එපා නේද ? ගොල්ෆේස් ජන අරගලය පාවා දෙන්න එපා නේද ? එහෙනම් මිත්‍රවරුණී ඔය අන්තර්කාලීන සූදුවලට අපි සූදානම් නැහැ. අපිට නූල් සූත්තර දේශපාලනය ඔබන්නේ නැහැ. මම කියනවා රට විනාශ කරපු මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අපිට ගනුදෙනු නැහැ. මේ හොරු එක්ක ගනුදෙනුවක් නැහැ නැහැමයි. ආදරණීය ලංකාවාසී ජනතාව අපි සූදානම් රටේ වගකීම භාරගන්න. රටේ වගකීම භාර ගන්නේ පමණක් නොවේ අපි මේ රට ගොඩගන්නවා සත්තයි.”

The post මේ රට ගොඩගන්නවා සත්තයි -සජිත් appeared first on Aruna.

Next Post

2021 ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව මෙන්න

Sun May 1 , 2022
  ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව 2021 වර්ෂයේ දි ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව රුපියල් බිලියන 41.7 ක අලාභයක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති 2021 වාර්ෂික වාර්තාවේ ඒ බව සඳහන් වේ. රාජ්‍ය ආයතනවල සමාගම්වලට අයත් සමාගමට අයවියයුතු හිඟ ණය 2021 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.