අතුරුදන් වූ සිසුවාගේ යැයි සැක කෙරෙන මළ සිරුරක් හමුවේ . . .

පසුගිය 16 වැනි දින අතුරුදන් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අංජන කුලතුංග නමැති සිසුවාගේ යැයි සැක කෙරෙන මළ සිරුරක් අද (21) පස්වරුවේ හමු වී තිබෙනවා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර් 2 කට ආසන්න දුරකින් පිහිටි ගන්නෝරුව ප්‍රදේශයට ආසන්නයෙන්.

පසුගිය 16 වැනි දින සිට මෙම ශිෂ්‍යයා අතුරුදන් ව ඇති බවට පේරාදෙණිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය ද සිසුවා සෙවීමෙ මෙහෙයුම් ආරම්භ කළා. මෙලෙස අතුරුදන් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යාව අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්. මෙම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය පැවසුවා. ගම්පහ – යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු 24 හැවිරිදි වියෙහි පසුවන්නෙක්. හමු වූ මළසිරුර අතුරුදන් වූ ශිෂ්‍යයාගේ දැයි තහවුරු කරගැනීමට මේ වනවිට පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රැජිනගේ ඔටුන්නේ දියමන්තියක් අප්‍රිකාව ඉල්ලයි . . .

Wed Sep 21 , 2022
දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත. ‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් “කලිනන් 1” යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි. මෙය දකුණු අප්‍රිකාවෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x