දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බලය විසන්ධි කරයි . . .

ලක්ෂ 5 ඉක්මවූ විදුලි ගාස්තුවක් නොගෙවීම හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බලය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.

ඒ හේතුවෙන් එහි වැඩවසන භික්ෂූන් වහන්සේලා දෙසියක පමණ පිරිසක් අපහසුතාවට ලක්ව සිටින බව සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියෝ කියා සිටිති. මෙම ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු වූයේ ඉතිහාසයේ පළමු අවස්ථාවට බවද මේ පිළිබඳව අවධානය යොමුකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් මෙන්ම අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමයේ මෙම සේනාසනය සඳහා විදුලිය නොමිලේ ලබා දුන් බවත් එතැන් පටන් සෑම රජයක් විසින්ම අඛණ්ඩව විදුලිය ලබා දුන් බවද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහ පාරේ ඉන්න ජනතාවගෙන් සජිත්ට ගුටි . . .

Tue Nov 29 , 2022
රටට සංචාරකයන් පැමිණීම ආරම්භ කර ඇති අවස්ථාවක කොළඹ සිට මහනුවරට විරෝධතා පෙළපාළියක් සංවිධානය කර ඇති බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සඳහන් කරයි. එවන් උද්ඝෝෂණ පෙළපාළි පැවැත්වීම වළකින ලෙස විපක්ෂ නායකවරයාගේ ඉල්ලා සිටින බවද ඇය පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් සඳහන් කළාය. ජනතාව යළිත් අවුස්සා ගතහොත් විපක්ෂ නායකවරයාට මෙවර ගුටි කන්නට වෙන්නේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x