මාරක අනතුර කල රියදුරු එදිනම රටින් පලා යයි . . .

පසුගිය 10 වැනිදා ගාලු පාරේ කොල්ලුපිටියේදී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව මෝටර් රථයේ රියදුරු එදිනම රටින් පලා ගොස් තිබේ.

පොලිසිය විසින් හෙලි කරගෙන ඇත්තේ ඔහු ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇති බවයි. මෙම පුද්ගලයා ඩුබායිහි ව්‍යාපාරවල නිරත අයෙකු වන අතර දින කිහිපයක නිවාඩුවක් සදහා මොහු මෙරටට පැමිණ තිබින.

අනතුර වූ දින කාන්තාවන් තිදෙනකු ඇතුලු පස් දෙනකු රාත්‍රි සමාජ ශාලා තුනකින් මත්පැන් පානය කර තවත් මත්පැන් පානය සොයා තරු හෝටලයක් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

පොලිසිය පවසන්නේ අධිකරණයෙන් නියෝගයක් ගෙන ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරු ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ සැපයීමට සැපයුම්කරුවෝ ප්‍රතික්‍ෂේප කරයි . . .

Mon Dec 12 , 2022
සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීම සඳහා ඇණැවුම් කර ඇතත් එම ඇණැවුම්වලට ඖෂධ සැපයීමට සැපයුම්කරුවෝ ප්‍රතික්ෂේප කර තිබේ. රුපියල් කෝටි හත්සියයක් පමණ වටිනා ඖෂධ මිලදී ගැනීම සඳහා මෙසේ නම් ඇණැවුම් කර ඇතත් සැපයුම්කරුවන් සඳහන් කර ඇත්තේ ඖෂධ සැපයූ පසු ඊට මුදල් ගෙවීමට කිසිදු ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැති බවයි. මෙරට ප්‍රධාන පෙළේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x