හංගේරියාවට පනින්න ගිය ලාංකිකයින් පිරිසක් අත්අඩංගුවට . . .

හංගේරියාවට නීති විරෝධී ලෙස ඇතුළු වීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙක් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථ දෙකක නැගී හංගේරියාවට ඇතුල් වීමට සූදානමින් සිටියදී රුමේනියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.

ඉන් එක් ට්‍රක් රථයක වයස අවුරුදු 21 සිට 67 දක්වා වූ බංග්ලාදේශයේ සහ එරිත්‍රියාවේ සංක්‍රමණිකයින් 17 දෙනෙකු සහ අනෙක් ට්‍රක් රථයේ ශ්‍රී ලංකාවේ සහ පකිස්තානයේ සංක්‍රමණිකයින් 11 දෙනෙකුට අධික පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

රුමේනියානු දේශසීමා පොලිසිය පවසන්නේ මෙම නීතිවිරෝධී ක්‍රියාව පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීමට පරීක්ෂණ පවත්වන බවයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනපති අඹේවෙල ගොවිපොල බලන්න යයි . . .

Wed Dec 28 , 2022
අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගය වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x