තැන්පතුකරුවන්ගේ මුදල් නැවත ගෙවන්නැයි මහ බැංකුවෙන් නියෝගයක් . . .

මහ බැංකුව සඳහන් කරන්නේ, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුළදී සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට එම ආයතනය වෙත නියෝග කිරීමට මහ බැංකුව තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය ප්‍රකාරව එම තීරණය ගෙන ඇත. කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌනතා තත්ත්වය හේතුකොට ගෙනඑම පියවර ගත් බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.

ඒ අනුව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලුම මහජන වගකීම් සම්පූර්ණයෙන් නැවත ගෙවීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට අවශ්‍ය පියවර තහවුරු කිරීමෙන් සහ එම මහජන වගකීම් ගෙවීමෙන් පසු එම ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව, “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනයේ තැන්පතුකරුවන්ගේ සහ පොරොන්දු නෝට්ටුහිමියන්ගේ යහපත උදෙසා ඉහත කී නියෝගය නිකුත් කර ඇති බවද වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් එකඟ වී ඇති පොළී අනුපාතයන්ට අනුව 2022.12.26 දින දක්වා උපචිත වන පොළී මුදල්ද ඇතුළුව සම්පුර්ණ මහජන වගකීම් ප්‍රමාණය ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.

මෙම නැවත ගෙවීමේ සැලැස්මට අනුව 2023.02.28 දිනට පෙර සිය මුදල් නැවත ලබාගන්නා ලෙස “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනයේ සියලුම තැන්පතුකරුවන් සහ පොරොන්දු නෝට්ටුහිමියන් වෙත දැනුම් දී තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෙරට රැකියා විරහිත තරුණ තරුණියන්ට නව අවස්ථාවක් . . .

Fri Dec 30 , 2022
කර්මාන්තගත ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය යටතේ NVQ – 3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයන් 3,000ක් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහනක් 2023 වසරේ ජනවාරි මස ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා) මගින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණුව සඳහා බඳවාගෙන ඔවුන්ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x