විදෙස් ජාතිකයින් දෙදෙනෙක් ගාල්ලේ ATM සුද්ද කරලා . . .

විදේශීය ජාතිකයින් දෙදෙනෙකු රාජ්‍ය බැංකුවකට අයත් හික්කඩුව, කරාපිටිය, බද්දේගම යන නගරවල පිහිටි ATM යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි හයලක්ෂ පනස්පන් දහසක මුදලක් ඊයේ (දෙසැ. 30) පස්වරුවේදී වංචනිකව ලබාගෙන ඇතැයි ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

කළු පැහැති මෝටර් රථයකින් අදාළ විදේශීය ජාතිකයින් දෙදෙනා පැමිණ ඇති බව පරික්ෂණවලදී අනාවරණය වි ඇත. මුලින් හික්කඩුව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් ATM යන්ත්‍රය වෙත ඔවුන් දෙදෙනා ඊයේ පස්වරු 1.30ට පැමිණ තිබේ. එහි තිබූ සී.සී.ටී.වී කැමරාව වසා වංචනික ලෙස රුපියල් හතලිස් හයලක්ෂ අසූදහසක මුදලක් ඔවුන් ATM යන්ත්‍රයෙන් ලබාගෙන ඇත.

පසුව ඔවුන් ගාල්ල, කරාපිටිය නගරයේ පිහිටි ATM යන්ත්‍රය වෙත පැමිණ තිබේ. එහිදී ඔවුන් රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ලබාගෙන ඇත.

විදේශිය ජාතිකයින් දෙදෙනා මුදල් ලබාගෙන ඉන් පිටවගොස් පසුව නැවත ATM කුටිය වෙත පැමිණ අමතක වූ දෙයක් ලබාගෙන යන අයුරින් පිටව ගොස් තිබේ. ඒ අනුව, එහි සිටි ආරක්ෂක නිලධාරියාට මේ සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ATM කුටිය පරීක්ෂා කර බැලීමේදී එහි තිබුණු CCTV කැමරාව කළු පැහැති කවර යොදා ආවරණය කර ඇති බව දැක ඇත.

අනතුරුව මෙම විදේසීය ජාතිකයි දෙදෙනා බද්දේගම නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවට අයත් ATM යන්ත්‍රය වෙත එදින ම පස්වරු 4.00ට පමණ ගොස් තිබේ. එහිදී ඔවුන් ATM කාඩ් පතක් භාවිත කරමින් රුපියල් ලක්ෂ 57ක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරිගණක අපරාධ විමර්ශන අංශය හා අපරාධ විමර්ශන අංශය එක්ව විශේෂ පරීක්ෂයක් ආරම්භ කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති . . .

Sun Jan 1 , 2023
16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (දෙසැ. 31) උදෑසන පෙරවරු 9.34ට වතිකානයේ Mater Ecclesiae ආරාමයේ පිහිටි ඔහුගේ නිවසේදී රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේගේ ස්වර්ගස්ථ වී ඇති බව ය. ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 95 වන විය පසු වූහ. 1927 වසරේ අප්‍රේල් 16 වන දා ජර්මනියේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x